Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සංවිධානය කළ ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් ධාවනය ඊයේ (23) ත‍්‍රිකුණාමලය නගරයේදී පැවැත්වුණි. එදිනට යෙදී තිබුණු ජාත්‍යන්තර ඔලිම්පික් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් ධාවනයට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පාසල් 26 ක සිසු සිසුවියෝ 2000කට වැඩි පිරිසක් සහභාගි වූහ.
ති‍්‍රකුණාමලය නගරය හරහා ත‍්‍රිකුණාමලය හමුදා නාවික කෞතුකාගාරය අසලට පැමිණීමෙන් පසු එම ස්ථානය අසලදී එහි ප‍්‍රධාන උත්සවය පැවැත්වුනි. ධාවනයට අමතරව ඔවුන්ගෙන් පිරිසක් පාපැදිවලින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
හිටපු ආසියානු රන් පදක්කම්ලාභී මැරතන් ශූරයකුවන එස්. එල්. බී. රෝසා හා හිටපු ප‍්‍රවීණතම මැරතන් ශූරයකුවන විමලසේන පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සැමරුම් ධාවනය ආරම්භ විය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් සමරවික‍්‍රම සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේදී ධාවනයට සහභාගි වූ පාසල් සිසු සිසුවියන් ඇතුළු ඔලිම්පික් දින සැමරුම් තරග ජයග‍්‍රාහකයන්ට සහතිකපත් හා ත්‍යාග ප‍්‍රදානය කෙරිණි.
ඡායාරූප : සුසිල් පේ‍්‍රමලාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.