Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් මුල් පුටුවට ඩිලානුත් තරග බිමේ

ඔලිම්පික් මුල් පුටුවට ඩිලානුත් තරග බිමේ

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට ඉදිරිපත්වන බව ප‍්‍රකාශ කළ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා අනිද්දා (13) නාමයෝජනා බාරදීමට සූදානමින් සිටින බව වාර්තාවේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2013-17) දෙසැම්බර් 27 වැනිදා පැවැත්වේ. ඒ සඳහා නාමයෝජනා බාර ගැනීම ලබන බ‍්‍රහස්පතින්දා (14) අවසන් කෙරේ.

මෙවර නිලවරණයට ඉදිරිපත් නොවන බව එහි වත්මන් සභාපති, තැපැල් අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර තිබේ. කෙසේ වුවත් කමිටුවේ විධායක සභිකයකු වන ශ්‍රී ලංකා ආධුනික රුවල්ඔරු සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතාද මෙවර සභාපති ධුරයට නාමයෝජනා බාරදෙන බව ප‍්‍රකාශ කර තිබේ.

අනිද්දා සුබ මොහොතින් ඇමැති ඩිලාන් පෙරේරා මහතා නාමයෝජනා බාරදෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ අනුබද්ධිත ජාතික ක‍්‍රීඩා සංගම් ගණන 24ක් වුවත් නිලවරණයේදී ඡන්දය හිමි ක‍්‍රීඩා සංගම් ගණන ඊට අඩුවනු ඇතැයිද වාර්තා වේ.

ජාතික ක‍්‍රීඩා සංගම් හතරක් මේ වනවිට අතුරු කමිටු තත්්ත්වයෙන් පවතින බැවින් ඔවුන් මෙවර නිලවරණයෙන් ඉවත් කර තිබේ.
දැනට ක‍්‍රියාකාරී මට්ටමේ නැති බව සඳහන්වන ජාතික ක‍්‍රීඩා සංගම් කීපයක්ද නිලවරණයෙන් ඉවත් කිරීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි වාර්තාවේ.

ඒ අතර ආශ්වාරෝහකයන්ගේ සංගමය හා හබලෙන් පදින ඔරු/පෙණවතුරේ ඔරු පැදීමේ ක‍්‍රීඩා සංගමය ද වන බව වාර්තා වේ. එම සංගම් වසර ගණනාවක් තිස්සේ කිසිදු ක‍්‍රියාකාරී වැඩසටහනකට සම්බන්ධ වී නොමැති බවට ක‍්‍රීඩා අමාත්‍යාංශය කරුණු හෙළිකරගෙන ඇතැයි ද වාර්තා වේ.

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා පිටපතක් වහා තමන්ට යොමුකරන ලෙස මේ වනවිට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

මීළඟ ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමේදී ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා එහි වත්මන් බලධාරීන් ඉදිරියේදී තමන් හමුවට කැඳවීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇතැයිද ක‍්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර සභාපති ධුරයට නාමයෝජනා බාර දෙන බව ප‍්‍රකාශ වී තිබෙන ඇමැති ඩිලාන් පෙරේරා මහතා වසර පහක පමණ කාලයක් තිස්සේ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරයි.


අදහස් (0)

ඔලිම්පික් මුල් පුටුවට ඩිලානුත් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.