Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සිකුරාදා (5) පාන්දර සිදුවූ පිහි ප්‍රහාරයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල්ද සිල්වා මහතා තුවාල ලැබීමෙන් පසුව ඔහු කමිටුවේ රාජකාරි කටයුතු කිරීමේ දී රට තුළින් ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දී තිබේ.
එය ආසියානු ඔලිම්පික් කමිටුවට ද දැනුම් දීමට පියවර ගෙන තිබේ. සිකුරාදා පාන්දර මෝදර මුතුවැල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවසට කඩා වැදුණු බව කියන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ පිහි පහරදීමකින් මැක්ස්වල් ද සිල්වා මහතාගේ දෑතේ ඇඟිලි කිහිපයකට තුවාල සිදු වූ බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ඔහු මෝදර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔලිම්පික් කමිටුවේ රාජකාරි කිරීමේ දී තමන් සමග උරණව සිටින ජාතික ක්‍රීඩා සංගම් කිහිපයක ප්‍රධානින් සිද්ධියට සැක කරන බව පවසා තිබේ. තමන්ට පිහි පහර එල්ල කර පලා යන එක් සැකකරුවෙකු හඳුනා ගත් බව ඔහු පොලිසියට පවසා තිබේ.
අදාළ සිදුවීම වනවිට නිවසේ සිටි ඔහුගේ බිරිඳගෙන් හා දියණියගෙන්ද කටඋත්තර ලබාගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. එහි දී නිවසේ එම අවස්ථාවේ ගාල් කර තිබූ මෝටර් රථයක් ද සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් අතරමග දමා ගොස් තිබිය දී හමුවී ඇත.
තුවාල ලද සිල්වා මහතා කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් පසුව ඊයේ (7) නිවසට පැමිණ තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ (7) ‘ඔලිම්පික් ක්ෂේත්‍රයට නරක දවසක්’ මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සිය පෞද්ගලික නිවසට සිකුරාදා පාන්දර කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කරන ලද පිහි පහරදීමකින් ඇඟිලි හතරක් තුවාල ලද සිය මහලේකම්වරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ කළ විමසුමක දී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේජ් සුබ්‍රමනියිම් මහතා මෙසේ පැවසීය.
“මෙම සිදුවීමෙන් මහලේකම්වරයා දැඩි කම්පනයට පත්ව තිබෙනවා. පහරදීමට පැමිණි එක් අයෙකු හඳුනාගත් බවට ඔහු පොලිසියට පවසා තිබෙනවා. ඔහු මේ ගැන සැක කරන්නේ ඔලිම්පික් කමිටුවේ රාජකාරි කටයුතු ඉටු කිරීමේ දී ඔහු සමග උරණව සිටින ජාතික ක්‍රීඩා සංගම් කීපයක ප්‍රධානීන් මේ සිද්ධියට සම්බන්ධ බව” යි.
කොහොම වුණත් ඇතිවුණු මේ තත්ත්වය ගැන අපි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වගේම ආසියානු ඔලිම්පික් සභාවටත් දැනුම් දෙන්න පියවර ගත්තා. බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තේරීම් ගැන මේ කියන සමහර ජාතික ක්‍රීඩා සංගම් ඔලිම්පික් කමිටුව සමග මත ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. මේ අය ඔලිම්පික් කමිටුවේ නිලවරණයේ දී බෙදුණු පිරිසක් හැටියට තමයි හැමදාමත් වැඩ කළේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.