Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 5 වැනිදා රැස්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව එහි නව පත්වීම් කීපයකට අනුමැතිය ලබාදී තිබේ.
ඉල්ලා අස්වූ කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා වෙනුවට එම ධූරයේ වැඩ බැලීම සදහා එතෙක් උප භාණ්ඩාගාරික ධූරය දැරූ ෂිරන්ත පීරිස් මහතා පත් කර තිබේ.පීරිස් මහතා මීළගට යෙදෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති ධූරයට යෝජනා වී තිබෙන අයෙක් බවද වාර්තාවේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩකයන්ගේ උප කමිටුවේ සභාපති, හිටපු සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මහතා එදින පැවැති විධායක සභා රැස්වීමේදී උප සභාපති ධූරයකට පත්ව සිටියි.කරුණාරත්න මහතා නොබෝදා ඉස්ලාමාබාද් නුවරදී පැවැති 14 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සම්බන්ධ්කරණ රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සමග සහභාගි විය.
නිලූක පසුගිය වසරේ මාර්තු 7 වැනිදා තරග බිමට සමුදීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන විට ජාත්‍යන්තර පදක්කම් 34 දිනා තිබුණි.වසර 22 ක සිය ක්‍රීඩා දිවියේදී ඔහු ඔලිම්පික් උළෙල තුනකටද නිර්දේශ ලබා ගැනීමට සමත් විය.ඔලිම්පික් උළෙලකදී බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමින් දස්කම් දැක්වූ මෙතෙක් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද නිලූකය.
ඒ අතර කමිටුවේ උප සභාපති ධූරයක මෙතෙක් කටයුතු කරමින් සිටි ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඒ තැනට දේවරාජා හෙන්රි මහතා මාර්තු 5 වැනිදා සිට පත් කර තිබේ.
සුරංජිත් ප්‍රේමදාස මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ අසනීප තත්වය හේතුවෙන් සැත්කමක් කර සිටින තමා ඔලිම්පික් කමිටුවේ තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි. ඉදිරියේදී තමන් දැනට දරමින් සිටින සෙසු ක්‍රීඩා පරිපාලන තනතුරු වලින්ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
මේ අතර මීට පෙර අවස්ථාවකදී විධායක කමිටු සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වූ රිෆ්ඩි ෆාමි මහතා පෙරේදා පැවැති විධායක සභා රැස්වීමේදී යළිත් විධායක කමිටු සාමාජිකයකු ලෙස බදවා ගැනීමට සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා කළ යෝජනාවටද පෙරේදා විධායක සභාවේ අනුමැතිය ලැබී තිබේ.ෆාමි මහතා මේ වන විට ශ්‍රී ලංකා තුන්ප්‍රයාම ජාතික සංගමයේ කටයුතු කරයි.
එහිදී උප භාණ්ඩාගාරික ධූරයේ පිරවීමක් සිදු කර නොමැති අතර ඒ සදහා දැනට නාමයෝජනා කීපයක් කෙරෙහි අවධානය යොමු කර ඇතැයිද වාර්තාවේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරයේ මෙතෙක් කටයුතු කරමින් සිටි මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණයෙන් පසුව එහි දැන් කටයුතු කරමින් සිටින්නේ කමිටුවේ උප ලේකම් ධූරය දරමින් සිටි චන්දන ලියනගේ මහතාය.
සිය ඉවත් කිරීමට එරෙහිව සිල්වා මහතා මේ වන විට අධිකරණයේ නඩුවක් පවරා තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ පසුගිය කාර්තුවේ (2024 -25) ගිණුම් වාර්තා අනුමත කර ගැනීමේ අභිප්‍රායෙන් විශේෂ මහ සභා රැස්වීමක් ලබන අප්‍රේල් 9 වැනිදාට කැඳවා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.