Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ 2016-17 කාලසීමාවේදී සිදුවී ඇතැයි කියන මුදල් අවභාවිතය හා සාවාද්‍ය පරිහරණය පිළිබඳව චෝදනා කරමින් එම්.එම්. යුසුප් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඊයේ (26) ඔහු කොමිසමට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව වාර්තාවේ. එහිදී කොමිසම ඔහුට දැනුම් දී ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
2016-17 කමිටුවේ විගණන වාර්තා පදනම් කර ගනිමින් සිය පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිසමට ඉදිරිපත් කර ඇති ඔහු ඊට වගකිව යුතු ජාතික ඔලිම්පික් කමිටුවේ එකී කාලයේදී කටයුතු කළ ප්‍රධානියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම පැමිණිල්ලට ඔහු මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයටද ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ලේ ඉදිරිපත් කර ඇති ප්‍රධානතම චෝදනාවක් වන්නේ ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින් රියෝ ඔලිම්පික් උළෙල සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඇමරිකානු ඩොලර් 10,000 ක් ලබාගෙන තිබියදී එම කාර්ය සඳහාම ජාතික ඔලිම්පික් කමිටුවෙන්ද වියදම් ලබා ගැනීමෙන් එකම කාර්යයක් සඳහා වියදම් දෙකක් ලබාගෙන ඇති බවයි. ඒ සඳහා ඔලිම්පික් කමිටුවෙන් ලබාගත් බව කියන වියදම් රඳවාගෙන නැවත බාරදීමට ඔවුන් කටයුතු කිරීම තුළින් මහජන පොදු ආයතනයකට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ඔවුන් ලබන බවද පැමිණිලිකරු කියයි.
මේ අතර අල්ලස් කොමිසමට යුසුප් මහතා ඊයේ ලබාදුන් තොරතුරුවලට අනුව හොකී තරග පැවැත්වීම සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලබාදුන් බව කියන ඩොලර් 18,300ක් ඊට නොයෙදීම, ඔලිම්පික් කමිටුවට අයත් භෝජනාගාරය හා ඊට අයත් කායවර්ධන මධ්‍යස්ථානය බදු දීමේදී සැළසුම් සහගතව කමිටුවට පාඩු සිදුවන ආකාරයෙන් කටයුතු කිරීම, සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 26ක් සඳහා බෙදාදීමට ජාත්‍යන්තර කමිටුවෙන් ප්‍රදානය වුණු රුපියල් කෝටියකට ආසන්න මුදලක් එම කටයුත්තට යොදා නොගැනීම, ඩොලර් 30,000 ක් වටිනා පරිගණක මෘදුකාංගයක් භාවිතයට ගෙන එය අතරමග විසන්ධි කර දැමීමෙන් මුදල් නාස්තියක් සිදුවීම යන තවත් ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව එම කොමිසමේ අවධානය යොමුකර තිබේ.
මෙම කරුණු පාදක කර ගනිමින් අල්ලස් කොමිසමට ඉදිරිපත් වූ මෙම පැමිණිල්ල ගැන ලංකාදීපය කළ විමසුමකදී ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා මෙසේ පැවසීය.
“මේවාට උත්තර දෙන්නවත් අවශ්‍ය නෑ.“
“ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් මුදල් හොරකම් කළ කතාවක් ඔය කියන කිසිදු විගණන වාර්තාවක සඳහන් වෙන්නෙත් නෑ. චෝදනා ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ඒවා ඔප්පු කරලත් පෙන්විය යුතුයි.“
“ඔය පුද්ගලයන් පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුවත් නොවෙයි. ඔලිම්පික් කමිටුවේ නිලවරණයෙන් පැරදුණු කීප දෙනෙක් පැරදුණු දුකට ඒ අය මේ පුද්ගලයා යොදාගෙන පුරුද්දට මඩ ගහනවා... අපි ජාත්‍යන්තරයට එනවා. ඒ වගේම රටේ නීතියටත් ගරු කරන සංවිධානයක්. චෝදනා ගේන අය ඔප්පු කරලත් පෙන්විය යුතුයි.’’ යයි මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.