Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටුවේ විශේෂ මහසභා රැස්වීමක් 13දා

ඔලිම්පික් කමිටුවේ විශේෂ මහසභා රැස්වීමක් 13දා

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සභාපතිවරයා හා  මහ ලේකම්වරයා අතර ඇතිවී තිබෙන බව කියන විරසකයෙන් පැන නැගී තිබෙන ගැටලු  සමාලෝචනය කරමින් සුදුසු පියවර නිර්දේශ කිරීම සදහා ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ  මහ සභා රැස්වීමක් දෙසැම්බර් 13 වැනිදා පස්වරු 5 ට එහි ශ්‍රවණාගාරයේදී  පැවැත්වීමට නියමිතය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජතික ක්‍රීඩා  සංගම් 16 ක් එහි හා  ක්‍රීඩකයන්ගේ කමිටුව විසින් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම විශේෂ මහ සභා රැස්වීම සූදානම් කර තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ඉහළම ප්‍රධානීන් දෙදෙනා අතර පවතින බව කියන විරසකය හමුවේ මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු අඩපණවී ඇතැයි ජාතික ක්‍රීඩා  සංගම් ගණනාවක් චෝදනා කර තිබේ.

 එය මේ වන විට වඩාත්ම උත්සන්නවීමෙන් කමිටුවේ මුල් අරමුණු මුළුමනින්ම බිද වැටෙමින් තිබෙන තත්වයක් තුළ එයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අගතියට පත්වී ඇතැයිද එකී ජාතික ක්‍රීඩා සංගම් වැඩිදුරටත් චෝදනා කර තිබේ.

මේ අතර මෙම තත්වයන් පිළිබදව  සාකච්ඡා කිරීම සදහා නොබෝදා කැදවූ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවට එහි ආචාර ධර්ම කමිටුවට කැදවීම් කළත් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නැතැයිද වාර්තාවේ.

ක්‍රීඩා  අමාත්‍යාංශයේ විමර්ෂණ වාර්තාවක් පදනම් කර ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා තහනමට ලක් කරන ලෙස ආචාර ධර්ම කමිටුව ව්සින් නිර්දේශ කර ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙලෙස විධායක සභාවට එහි සාමාජිකයන්  තිදෙනා කැදවා තිබුණි.

ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවේ සභාපති ධූරය දරන්නේ ජනාධ්පති නීතිඥ ඩිනාල්  ෆිලිෆ්ස් මහතාය.

කෙසේවූවත්  ක්‍රීඩා අමාත්‍යාංශ විමර්ෂණ වාර්තාව පදනම් කර ගනිමින්  ආචාර ධර්ම කමිටුව විසින් මහ ලේකම්වරයා සම්බන්ධයෙන් ලබාදී තිබෙන නිගමන ඉවත දමන ජාතික ඔලිම්පික් කමිටුවේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ එහිදී ඔවුන් වැරදි සහගතව හැසිරී ඇති බව  නිරීක්ෂණය වූ බවයි.

 එහිදී  ආචාර ධර්ම කමිටුව අවසානයේදී  වගකිව  යුත්තේ විධායක  සභාවට බැවින් එහි සාමාජිකයන්ට මෙලෙස කැදවීම් කළ බවද වාර්තාවේ.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ කමිටුවේ කටයුතු වළක්වාලන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ඊයේ (21) පැවැරූ නඩුවක් ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා අත් හිටුවීමට තීරණය විය.

එදිනට වග උත්තරකරුවන්ට විරෝධතා දැක්වීම සදහා අවස්ථාව සලසාදීමටද අධිකරණය නියෝග කර සිටියේය. ජාතික ක්‍රීඩා සංගමයක හිටපු නිලධාරියකු ව්සින් පෞද්ගලික පෙත්සම්කරුවෙකු ලෙස ඉදිරිපත් වෙමින් මෙම නඩුව පවරා තිබේ.


අදහස් (0)

ඔලිම්පික් කමිටුවේ විශේෂ මහසභා රැස්වීමක් 13දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.