Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2022-26) සඳහා දෙපාර්ශ්වයකින් නාමයෝජනා බාරදී තිබේ. මෙම 28 වැනිදා පස්වරු 5 ට ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත නිලවරණයේදී සභාපතිධුරය සඳහා වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි වත්මන් උප සභාපතිවරයකු වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු නාමයෝජනා බාර දෙමින් එම දෙපාර්ශ්වයට නායකත්වය ලබාදේ.
නාමයෝජනා බාර ගැනීම ඊයේ (14) පස්වරු 4 ට අවසන් විය. එහිදී වත්මන් මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා (ජූඩෝ) යළිත් එම ධුරයට නාමයෝජනා බාරදී තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වත්මන් ලේකම් මොහාන් විජේසිංහ මහතායි. මෙවර නිලවරණයේදී ජාතික ක්‍රීඩා සංගම් 32 කට ඡන්ද බලය හිමිව තිබේ. එහෙත් පාපැදි, පිහිනුම් හා අත්පන්දු (හෑන්ඩ්බෝල්) යන ජාතික ක්‍රීඩා සංගම්හි හිටපු නිලධාරීන්ගේ පාර්ශ්ව වෙත එහිදී ඡන්ද බලය හිමිව තිබේ.
ඒ අතර පැසිපන්දු, කරටේ - දෝ, බේස්බෝල් යන ජාතික ක්‍රීඩා සංගම් තුනක කලින් නම් කරන ලද නියෝජිතයන් තිදෙනකුට පමණක් ඡන්දය ප්‍රකාශකිරීමේ අවස්ථාව ලබාදීමට නිලවරණ කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව භාණ්ඩාගාරිකධුරය සඳහා වත්මන් භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා (හොකී) හා අජිත් කුමාර සියඹලාපිටිය (කඩුහරඹ) මහතා නාමයෝජනා බාරදී තිබේ.
සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයෙන් උප සභාපතිධුර සඳහා අසංග සෙනවිරත්න (බේස්බෝල්), සුරංජිත් ප්‍රේමදාස (අශ්වාරෝහක), නිලූ ජයතිලක (ගොල්ෆ්) හා ජෝශප් කෙනී (රුවල් ඔරු) යන මහත්වරුන් නාමයෝජනා බාරදී තිබේ. පාලිත ප්‍රනාන්දු පාර්ශ්වය නියෝජනය කරමින් ඩයන් ගෝමස් (බොක්සිං), කංචන ජයරත්න (වොලිබෝල්), ප්‍රීති විරාජ් පෙරේරා (කැනෝකින් හා කායකින්) හා කමල් පුෂ්පකුමාර (හොකී) යන මහත්වරු මෙවර උප සභාපතිධුර සඳහා තරග වදිති.
උප ලේකම්ධුරයට චන්දන ලියනගේ (පැසි පන්දු) හා ධම්මික කරන්නාගොඩ (දුන්නෙන් විදීම), උප භාණ්ඩාගාරිකධුරයට චිරන්ත පීරිස් (ඉලක්කයට වෙඩි තැබීම) හා මනෝජ් කරුණාරත්න දුන්නෙන් විදීම) යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වත්මන් උප සභාපතිවරුන් වන අසංග සෙනවිරත්න හා ජෝශප් කෙනී යන මහත්වරු මෙවරත් සුරේෂ් සුබ්‍රමනියම් මහතාට සහයෝගය පළ කරමින් නාමයෝජනා බාරදී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.