Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් දින සැමරුම් උළෙලින්

ඔලිම්පික් දින සැමරුම් උළෙලින්

editorial - 2022 ජුනි මස 25 246 Views 0 Comment
A A A

සෑම වසරකම ජුනි 23 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ඔලිම්පික් දිනය නිමිත්තෙන්  ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කළ නිල සැමරුම් උත්සවය පෙරේදා (23) ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.  ඒ නිමිත්තෙන් නිදහස් චතුරස්‍රය දක්වා සැමරුම්  පැවැත්වුණි.

යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම පෙරටුව පැවති ඊට ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් ඊට සහභාගිවී සිටියහ. මෙම සැමරුම් පෙළපාලියෙන් පසුව ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවය පැවැත්වුණි.

එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැබර්ටු මහතා  ද සහභාගි විය. ජාත්‍යන්තර ඔලිම්පික් දිනය සංකේතවත් කරමින් ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ගිණිසිළුව දැල්වූ අයුරු.

මෙම ඔලිම්පික් සැමරුම් දින වැඩසටහනට, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුද එක්ව සිටියහ.

ඡායාරූප - ජාතික ඔලිම්පික් කමිටුව

- 223


අදහස් (0)

ඔලිම්පික් දින සැමරුම් උළෙලින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.