Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ඔලිම්පික් කමිටුවට සිහිකැඳවීමක් කරමින් මෙම 28 වැනිදා පැවැත්වෙන එහි නිලවරණය සඳහා සහභාගි කරගත යුත්තේ ක්‍රීඩා පනතට අනුකූලව නිලවරණයකින් පත්ව සිටින විධායක සභාවකින් සමන්විත ජාතික ක්‍රීඩා සංගම් පමණක් බව අවධාරණය කර තිබේ.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාට ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමු කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ඔලිම්පික් නිලවරණයට සහභාගි වන ජාතික ක්‍රීඩා සංගම් තුනක් සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙනි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනය හා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් තුනක නිලවරණ පවත්වා එහි වත්මන් විධායක සභාවක් පත් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් පත්වූ නිලවරණ කමිටු මගිනි.
කෙසේ වුවත් එම පත්වීම් සඳහා දේශපාලන බලපෑම් එල්ලවූ බවට චෝදනා කරමින් එකී ජාතික ක්‍රීඩා සංගම්හි පාර්ශ්ව කීපයක් ජාතික ඔලිම්පික් කමිටුවට හා අන්තර්ජාතික මවු සංගම් වෙත පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවායෙහි එතෙක් කල්ගෙවූ හිටපු නිලධාරී මණ්ඩලම තවදුරටත් පිළිගැනීමට මේ වනවිට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් 28 වැනිදා පස්වරු 5 ට ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත එහි නව විධායක සභාව තෝරා පත්කර ගැනෙන නිලවරණයට පාපැදි, අත්පන්දු හා ජල ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව්වලට අයත් ජාතික ක්‍රීඩා සංගම්වලින් කැඳවෙන්නේ හිටපු විධායක සභාවල කටයුතු කරමින් සිටි ප්‍රධානීන් බවට මේ වනවිට ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබේ.
ඊට හේතු ලෙස කමිටුව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවෙන් ලැබී තිබෙන පැමිණිලි සලකා බලමින් අන්තර්ජාතික සම්මේලන එකී ජාතික ක්‍රීඩා සංගම් හිටපු නිලධාරීන් තවදුරටත් මෙරට නිත්‍යානුකූල පරිපාලන ඒකක ලෙස පිළිගන්නා බැවින් තමන්ට ඒ අනුව කටයුතු කිරීමට සිදුව ඇති බව දක්වමිනි.
කෙසේවුවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පිළිගත් ජාතික ක්‍රීඩා සංගම්හි පරිපාලන ඒකක වෙනුවට වෙනත් පාර්ශව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට කැඳවීමෙන් ක්‍රීඩා පනත උල්ලංඝනය වන බවයි.
ඒ අනුව ඒ පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුව අවධානය යොමු කළ යුතු බව එමගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ලංකාදීප ය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ මෙවැනි සිදුවීම්වලදී අන්තර්ජාතික ඔලිම්පික් ප්‍රඥප්තිය හා ජාතික ක්‍රීඩා පනත ගැටෙන තැන් කීපයක් පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් නීතිපතිවරයාගේ මතය විමසා සිටීමට කටයුතු කර තිබෙන බවයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ දෙසැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණයේදී ජාතික ක්‍රීඩා සංගම් 32 කට ඡන්ද බලය හිමිව තිබේ. ඒ සඳහා පාර්ශව දෙකකින් නාමයෝජනා ඉදිරිපත්වී තිබේ.
නාමයෝජනා විරෝධතා මෙම 16 වැනිදා දක්වා බාර ගැනෙන අතර දැනටමත් උපසභාපති ධූර සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනකුට එරෙහිව විරෝධතා ගොනුවී තිබෙන බවද වාර්තා වේ.
වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි වත්මන් උපසභාපතිවරයකු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් සභාපති ධූරයට නාමයෝජනා එහිදී බාරදී තිබේ.
මහ ලේකම් ධූරයට ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ උපභාණ්ඩාගාරික මැක්ස්වල් ද සිල්වා හා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් මොහාන් විජේසිංහ යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. සිල්වා මහතා කමිටුවේ වත්මන් මහ ලේකම්වරයකු වේ.
මේ අතර එහි හිටපු මහ ලේකම්වරයකු වන එච්.යූ. සිල්වා මහතා කමිටු සාමාජික ධූරයක් සඳහා පාලිත ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් නාමයෝජනා බාර දී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.