Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෘත්තිකයන් හා ක්‍රීඩා සංවිධාන ඇගයෙන ක්‍රීඩා සම්මාන උළෙලක් පැවැත්වීමට ජාතික ඔලිම්පික් කමිටුව සැරසේ. ඒ සඳහා අයැඳුම්පත් කැඳවීම ලබන සඳුදා (15) දක්වා සිදු කෙරේ.
මෙම සම්මාන ප්‍රදානය ඉදිරියේ දී යොදා ගත් දිනයක දී පැවැත්වෙන අතර කාණ්ඩ 11 ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරේ. ඒ අතර විශේෂත්වයක් ගත්තේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ඇගයීමට ලක්වන 2021 ඔලිම්පික් දේශීය කාන්තාව තෝරා ගැනීමයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනි, නිලූ ජයතිලක මහත්මිය පැවසුවේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අධීක්‍ෂණය ලක්වන මෙම සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වෙන වෘත්තිකයන් අන්තර් ජාතික වශයෙන් ද ඇගයීමට ලක්වන බවයි.
Natolcomesit.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම්පත් බාර ගැනේ. ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ දුරකථන අංක 0112684420 ඔස්සේ ඇමතීමෙන් ද මෙම සම්මාන ප්‍රදානය පිළිබඳව වැඩි තොරතුරු ලබාගත හැකිය.
ඔලිම්පික් ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය ඇතුළත් සම්මාන කාන්ඩ
♦ වසරේ ප්‍රවීණතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව
♦ වසරේ ක්‍රීඩා පරිපාලන නිලධාරියා
♦ වසරේ පුහුණුකරු
♦ වසරේ මාධ්‍යවේදියා හෝ ලේඛකයා
♦ වසරේ අනුග්‍රාහකයා
♦ වසරේ ශාස්ත්‍රඥයා
♦ වසරේ ජාතික ක්‍රීඩා සංගමය හෝ සංවිධානය
♦ වසරේ ජාත්‍යන්තර සම්මේලනය හෝ සංවිධානය
♦ වසරේ ඔලිම්පික් මහද්වීපික සංගමය හෝ සංවිධානය
♦ වසරේ ක්‍රීඩා සමාජය
♦ ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිර්දේශ කරන ජාතික ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා සංවිධානය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.