Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔෂිනිට ලෝකඩ පදක්කමක්

ඔෂිනිට ලෝකඩ පදක්කමක්

editorial - 2024 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ජෝර්ජියාවේ බටුමි නගරයේදී නිමාව දුටු පිඬේ ලෝක ශූරතා චෙස් තරගාවලියේ ලෝකඩ පදක්කමක්  කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනා ගත්තාය.

මේ තරගාවලියේදී  වයස 12න් පහළ බාලිකා තරග ඉසව්ව නියෝජනය කළ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන එම වයස් කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ලෝකයේ රටවල් 38ක චෙස් ක්‍රීඩිකාවන් 48ක් අතරින් ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන මේ ලෝකඩ පදක්කම දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනේ. ශ්‍රී ලංකා වත්මන් ජාතික චෙස් ශූරිය වන ඔෂිනි දැනට ලංකාවේ සිටින ලාබාලතම චෙස් පිඩේ මාස්ටර්වරියද වන්නීය. ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේදී ලංකාවේ කාන්තා අංශයේ අංක එක හිමි කරගෙන සිටින මේ ලාබාලතම ක්‍රීඩිකාව චෙස් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ රත්නපුර පර්ගිසන් විද්‍යාලයෙනි.

මේ වනවිට ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලක් මාතාවට ලබාදෙමින් ශ්‍රී ලංකාවේ හොදම යොවුන් චෙස් ක්‍රීඩිකාව බවට පත්වී සිටින්නීය.


අදහස් (0)

ඔෂිනිට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.