Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕල්ඩ් සෝකියන්ස් සුපර් ලෙජන්ඩ්ස් තරගවලිය 15 වැනිදා

ඕල්ඩ් සෝකියන්ස් සුපර් ලෙජන්ඩ්ස් තරගවලිය 15 වැනිදා

editorial - 2023 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදී ක්‍රිකට් සංගමය දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ඕල්ඩ් සෝකියන්ස් සුපර් ලෙජන්ඩ්ස් විස්සයි-20 ක්‍රිකට් තරගවලිය ජනවාරි මස 15 වැනිදා අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

ධර්මාශෝක ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් පමණක් සහභාගිවන මේ තරගාවලිය වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. වයස 20-35 අතර, වයස 35 -45 ත් අතර සහ වයස 45 ට වැඩි කණ්ඩායම් ලෙස තරගාවලිය පැවැත්වේ. එක් එක් වයස් කාණ්ඩවල ශුරතාවන් දිනා ගන්නා කණ්ඩායමට කුසලාන පිරිනැමෙන අතර එම කණ්ඩායම්වල දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට ද කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.

මේවනවිට තරගාවලිය සදහා කණ්ඩායම් හයක් ඉදිරිපත් වී සිටින බව තරග සංවිධායක සමන් ලසිංක මහතා කිය.


අදහස් (0)

ඕල්ඩ් සෝකියන්ස් සුපර් ලෙජන්ඩ්ස් තරගවලිය 15 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.