Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන් සඳහා කළමනාකරණය කළ හුදකලා නිරෝධායන ස්ථාන ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 තරග 3 කින් සමන්විත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අත්හැර දමා ඇත.
මාර්තු මාසයේ මැද භාගයේදී නේපියර්හිදී දින හතරක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය අත්හැරීමට නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය එකඟ වී ඇත.
නවසීලන්ත රජය විසින් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා නිරෝධායන නීති ලිහිල් කිරීමට සූදානමක් ඇති බැවින්, ජනවාරී 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබී කල් දැමුණු තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවට කෙටි විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට පසුව සැලසුම් යොදා තිබුණි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පාකිස්තාන ටෙස්ට් සංචාරයට සමගාමීව මෙම සංචාරය පැවැත්වීමට නියමිතව තිබුණි.
දේශසීමා කොන්දේසි සැලකිල්ලට ගෙන තරගාවලිය අත්හැර දැමීම හැර වෙනත් කළ හැකි දෙයක් නැති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් මහතා පැවසීය.
“අපි සංචාරය සැලසුම් කළ අවස්ථාවේ නිවැරදි නිර්ණායක සපුරාලන අය සඳහා දේශසීමාව විවෘත වනු ඇතැයි බොහෝ බලාපොරොත්තු තිබුණා. කෙසේ වෙතත්, කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන්හී බලපෑම හේතුවෙන් අවාසනාවන්ත ලෙස, සියල්ල වෙනස් වී තියෙනවා. ඒ අනුව අපට තරගාවලිය දිගටම කරගෙන යාමට නොහැකි වෙලා තියෙනවා”
“එය බලාපොරොත්තු සුන් කරවන සුළුයි. නමුත් ව්‍යාපාර සහ පුද්ගලයන් සහ අනෙකුත් ක්‍රීඩා සඳහා ද එය සමාන බව අපි දන්නවා. අප සතුව ඇති ජාත්‍යන්තර කාලසටහනට අපි කෘතඥ වෙනවා” යයි වයිට් මහතා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.