Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානු සුපර් ලීග් තරඟාවලියේ ඉතිරි තරග සඳහා ඕස්ටේ්‍රලියානුවන් අට දෙනෙකු ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ අනුව ජුනි 1 සිට 20 වැනිදා දක්වා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත ඉතිරි තරග සඳහා ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පියාසර කරනු ඇත.
ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය අතර කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය මාර්තු 4 වැනිදා අත්හිටුවන විට තරග තරග 14 ක් පවත්වා තිබුණි. මුළු තරග 34 න් 20 ක් ඉතිරිවූ අතර එම තරග පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැත්වීමට කලින් සැලසුම් කර සිටියද කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමගින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යෑමට තීරණය කරන ලදී.
ජැක් විල්ඩර්මුත්, ජේක් වෙදරල්ඩ් සහ ටිම් ඩේවිඩ් යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය සඳහා පැවැති තුන්වන ක්‍රීඩක වෙන්දේසියෙන් තෝරාගෙන ඇත. බෙන් කටින් ඉවත්වීමත් සමගින් ක්වේටා ග්ලැඩියේටර්ස් වෙත ජැක් විල්ඩර්මුත් සහ ජේක් වෙදරල්ඩ් තෝරාගෙන තිබේ. ටිම් ඩේවිඩ් ලාහෝර් කොලැන්ඩර්ස් පිල සමගින් එක්වනු ඇත.
කෙසේ වෙතත් පසුගිය මාසයේ අග භාගයේ පැවැති දෙවන ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත්වූ ජෝ බර්න්ස්, ඩෑන් ක්‍රිස්ටියන් සහ ක්‍රිස් ලින් ද තරගාවලියට එක් නොවීමට තීරණය කර ඇත. ෆවාඩ් අහ්මඩ් සහ උස්මාන් කවාජා ඉස්ලාමාබාද් යුනයිටඩ් සමගින් එක්වන අතර බෙන් ඩන්ක්, ජේම්ස් ෆෝක්නර් සහ කැලම් ෆර්ගසන් ලාහෝර් කොලැන්ඩර්ස් සමගින් එක්වනු ඇත.
පෙබරවාරි මාසයේ ආරම්භවූ තරඟාවලියේදී කොරෝනා වයිරසයට ගොදුරු වූ බොහෝ ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අතර ෆවාඩ් අහ්මඩ්ද එක් අයෙකි. ඔහුව රෝහල් ගත කිරීම අවශ්‍ය නොවූ අතර දින 17 ක් හුදකලාව සිටියේය.
ඉස්ලාමාබාද්, ලාහෝර් සහ කරච්චි කිංග්ස් කණ්ඩායම් මේ දක්වා තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 19 ක් පමණි. පකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ ඉතිරි තරග සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණෙන සියළු දෙනා දින හතක නිරෝධායන කාලයක් ගත කළ යුතුව තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.