Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ටේ‍්‍රලියාව වි:20 තරගාවලියත් ජයගනී

ඕස්ටේ‍්‍රලියාව වි:20 තරගාවලියත් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ලැබීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මෙල්බන්හිදී අද (31) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 8 ක පහසු ජයක් ලබමින් විස්සයි:20 තරගාවලියේ ජයත් තහවුරු කර ගත්තේය.

එංගලන්ත පිලේ මෙවර  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ‘අළු බදුන’ ටෙස්ට් තරගාවලිය 5-0 ක් ලෙස ද, එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ද, ජයගත්  ඕස්ටේ‍්‍රලියානුවෝ සංචාරකයන් මහත් අසරණ අඩියකට ඇද දමමින් විස්සයි:20 තරගාවලියත් ජයගත්හ. එංගලන්තයට ජය ලැබීමට හැකි වූයේ සිවුවැනි එක්දින තරගය පමණි.

 ඕස්ටේ‍්‍රලියානු විස්සයි20 පිලේ නායක ජෝර්ජ් බේලි ප‍්‍රවේගකාරි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 28 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු 60 නිසා පන්දු 31 ක් ඉතිරි කරමින් තරගය ජය ලැබීමේ අවස්ථාව උදාවිය.

ඕස්ටේ‍්‍රලියානු පිලේ දකුණතින් වේග පන්දු යවන 22 හැවිරිදි ජෝෂ් හස්ල්වුඞ් කඩුලූ 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

එංගලන්තය  ඕවර 20 කදී කඩුලූ 9 ට 130
(ඇලෙක්ස් හේල්ස් 16, මයිකල් ලම්බ් 18, ජෝ රූට් 18, ජොස් බට්ලර් 22, ටිම් බ්‍රෙස්නන් 18, ස්ටුවර්ට් බ්‍රෝඞ් නොදැවී 18, ජෝෂ් හස්ල්වුඞ් 30/4)

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 14.5 කදී කඩුලූ 2 ට 131
(කැමරන් වයිට් නොදැවී 58, ජෝර්ජ් බේලි නොදැවී 60)

 


අදහස් (1)

ඕස්ටේ‍්‍රලියාව වි:20 තරගාවලියත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.