Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් වල සහභාගීත්වයෙන් සිම්බාවේහිදී පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ සිව්වැනි තරගයේදී දකුණු අප‍්‍රිකානු පිල පරදවා ලකුණු 62 ක ජයක් අත්කර ගත් ඕස්ටේ‍්‍රලියානු පිල, තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (9 වැනිදා) සමත්විය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ මිචෙල් මාෂ් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප‍්‍රිකානු පිලට ඕවර 44 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 220 ක් පමණි.
හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ ෆෆ් ඩුප්ලෙසී පන්දු 106 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 126 ක් රැස්කළද, දකුණු අප‍්‍රිකානු පිල ජයග‍්‍රහණය කරා රැගෙන යෑම සඳහා එම දස්කම ප‍්‍රමාණවත් නොවීය.
දකුණු අප‍්‍රිකානු පිලේ පිතිකරුවන් සිව්දෙනෙකුට දෙනකුට හැර අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ. මිචෙල් ජොන්සන්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඞ්සන් සහ මිචෙල් මාෂ් කඩුලූ 2 බැගින් දවාගනිමින් දකුණු අප‍්‍රිකානු ඉනිම සුණුවිසුනු කර දැමූහ.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ඒ. බී. ඩිවිලියර්ස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිල, නියමිත ඕවර 50 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 282 ක් රැස්කළේය.
එහිදී නායක ආරම්භක පිතිකරු පිලිප් හියුජ්ස් ලකුණු 85 ක් රැස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ මිචෙල් මාෂ් පන්දු 51 කදී නොදැවී ලකුණු 86 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීය.
පිලිප් හියුජ්ස්ගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර මිචෙල් මාෂ්ගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
ඕස්ටේ‍්‍රලියානු පිල - ඕවර 50 කදී කඩුලූ 7 දැවී 282
(ඒරන් ෆින්ච් 16, පිලිප් හියුජ්ස් 85, ස්ටීවන් ස්මිත් 36, ජෝර්ජ් බේලි 32, මිචෙල් මාෂ් නොදැවී 86, ඒරන් පන්ගිසෝ 39/2)
දකුණු අප‍්‍රිකානු පිල - ඕවර 44 කදී සියලූ දෙනා දැවී 220
(හෂීම් අම්ලා 17, ෆෆ් ඩුප්ලෙසී 126, ජේ. පී. ඩුමිනි 16, රයන් මැක්ලරන් 24, ග්ලේන් මැක්ස්වෙල් 22/2, මිචෙල් මාෂ් 23/2, මිචෙල් ජොන්සන් 30/2, කේන් රිචඞ්සන් 38/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.