Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පරිපාලනයේ පළමු කාර්යය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නැවත ගොඩගැනීමට අවශ්‍ය කටයුතු ඉතාමත් ඉක්මනට ඉටුකිරීම බව නව ලේකම් මොහාන් ද සිල්වා මහතා නිලවරණයෙන් ජය ලැබීමෙන් පසුව අද (21) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.
“ලෝක කුසලාන තරගාවලියට අවශ්‍ය සියලු දෙවල් ගැන ඉතාමත් ඉක්මනට සොයා බලා ලබාදීම වඩාත් වැදගත් වෙලා තියෙනවා. ඒ පහසුකම් ලබාදී කඩිනමින් දක්‍ෂ කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට බලාපොරොත්තු වෙනවා”
“ක්‍රීඩා අමාත්‍යවරයා කරගෙන ගිය විගණන කටයුත්තට අපේ උපරිම සහයෝගය දෙනවා. ඒ වගේම සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා”
අපි කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හැම විටම හරිදේ කරන්න සහ විනිවිදභාවයෙන් යුත් සේවයක් කිරීමට සූදානමින් ඉන්නවා”
“මතිවානන් හොඳ මහත්මයෙක්. අපිට ඔහුත් එක්ක එක කණ්ඩායමක් හැටියට වැඩ කරන්න පුළුවන්”
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව මොහාන් මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි ඒ පිළිබඳව දැනුවත් නෑ. කිසිවෙකුටත් අසාධාරණයක් නොවෙන්න එය කළ යුතුයි. මහේල සහ සංගා අපිට ව්‍යවස්ථාවක් දීලා නෑ. ඔවුන් අපිට දැන්නේ තරගාවලි වෙනස් කරන්න සැලැස්මක්. එහි සඳහන්ව තිබුණේ අපේ පළමු පෙළ කණ්ඩායම් 14 එකට අරගෙන ක්‍රීඩා කරන්න යෝජනාවක් පමණයි”
“ප්‍රසන්න ජයවර්ධන නීතිඥ මහත්මයත් ඉතාමත් හොඳ ව්‍යවස්ථාවක් හදලා තිබුණා. නමුත් මේවා ඉතාමත් පරිස්සමට කළ යුතුයි” යැයි මොහාන් මහතා වැඩි දුරටත් පැවසීය.
නව සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන ශූරතා දෙකක් දිනාගැනීමට සමත් වූයේ මෙම දේශීය තරගාවලියෙන් ලැබූ පන්නරයෙන් බවයි.
“අපි ලෝක කුසලාන හතරක අවසන් මහ තරගවලට පැමිණ තිබෙනවා. ඒ දස්කම් දැක්වූයේ මෙම තරගාවලි සැලැස්ම අනුව ක්‍රීඩා කිරීමෙන් ලැබූ ප්‍රගතියෙන්. ලෝකය ගත්තොත් ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. සෙසු රටවල්වලට වඩා අපි දස්කම් පෙන්වා තිබෙනවා” යැයි ශම්මි මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍යහමුවට උප සභාපති ධූරයට පත්වූ රවීන් වික්‍රමරත්න මහතා ද සහභාගි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල:
ඡායාරූපය - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.