Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය මේ මස 28 වැනිදා ආරම්භ වේ. පෙර වර්ෂවලදී මෙන්ම ‘අගමැති කුසලාන’ සහ ‘සභාපති කුසලාන’ රග්බි තරගාවලි දෙකේදී මෙම තරගාවලියට සමගාමීව පැවැත්වේ.
මෙවර ලීග් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත්වූ ශාන්ත ජෝශප් විදුහල ද, පළඟ ශූරතාවලියේ පළමු සහ දෙවැනි ස්ථාන ලැබූ වෙස්ලි සහ ශාන්ත අන්තෝනි යන විදුහල් තරගාවලියට සහභාගි නොවීම නිසා ඞී. එස්. සේනානායක විදුහලට අවස්ථාවක් හිමිවී තිබේ. තමන්ගේ කණ්ඩායම් වල කී‍්‍රඩකයන් තුවාල ලැබීම නිසා ශා. ජෝෂප්, වෙස්ලි සහ ශාන්ත අන්තෝනි කණ්ඩායම් මෙවර ජනාධිපති කුෂලාන තරගාවලියෙන් ඉවත්ව සිටිති.
ජනාධිපති කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර තරගය 28 වැනිදා පස්වරු 4.30 ට රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.අර්ධ අවසන් පූර්ව තරග ජූලි මස 4 සහ 5 දෙදින රාජකීය විදුහල් රග්බි පිටියේදීම පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගය ජූලි මස 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර අවසන් මහ තරගයට රාජකීය විදුහල සුදුසුකම් ලැබුවහොත් එය වෙනත් ක‍්‍රීඩාංගණයක පවත්වන ලෙස ඉසිපතන විදුහල මේ වන විටත් ඉල්ලීමක් කර තිබේ.
ලීග් තරගාවලියේ ප‍්‍රතිඵල අනුව මෙම තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබයි. පළමු කොටසේ කුසලාන ශූරතා තරගාවලියේ 6 වැනි ස්ථානය සහ පළඟ කුසලාන තරගාවලියේ පළමු සහ දෙවැනි ස්ථාන දිනූ කණ්ඩායම් 8 ජනාධිපති කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.
කණ්ඩායම් තුනක් ඉවත්වීම නිසා මෙවර ජනාධිපති කුසලාන තරගාවලියට කණ්ඩායම් 6 ක් පමණක් ක‍්‍රීඩා කරන අතර ලීග් ශූරයන් වූ කොළඹ රාජකීය විදුහලට සහ අනු ශූරයන් වූ ඉසිපතන විදුහලට පළමු වටයේදී නිතරග ජය හිමිවී තිබේ.
ලීග් තරගාවලියේ බදුන කුසලාන තරගාවලියේ පළමු කණ්ඩායම් 6 සහ පළිහ කුසලාන තරගාවලියේ පළමු කණ්ඩායම් දෙක ඇතුළුව කණ්ඩායම් 8 ක් අගමැති කුසලාන තරගාවලියේ තරග කරයි
ලීග් තරගාවලියේ දෙවැනි කොටසේ කුසලාන ශූරතා තරගාවලියේ පළමු කණ්ඩායම් 6 සහ පළඟ ශූරතා තරගාවලියේ පළමු කණ්ඩායම් දෙක ඇතුළු කණ්ඩායම් 8 ක් සභාපති කුසලාන තරගාවලියට සහභාගි වෙති.ජනාධිපති කුසලාන තරගාවලිය 1995 වසරේ ආරම්භ කළ අතර ඉසිපතන විදුහල ශූරතා 6 ක් දින ගනිමින් වැඩිම ශූරතා ලාභියා බවට පත්ව සිටියි.
නෙස්ලේ ලංකා සමාගම මේ වන විට වසර 23 ක කාලයක් පාසල් රග්බි තරගාවලි ස`දහා අනුග‍්‍රහය පිරිනමා තිබේ.
තරග කාලසටහන
ජූනි 28 වැනිදා
ජනාධිපති කුසලාන තරගාවලිය
- විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී (ප.ව. 4.30)
ජූනි 29 වැනිදා
ජනාධිපති කුසලාන තරගාවලිය
-මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී (ප.ව. 4.30)
අගමැතිි කුසලාන තරගාවලිය
- පිළියන්දල මැදි මහ විදුහල සහ ලූම්බිණි විදුහල අතර සී. ආර්. පිටියේදී (ප.ව. 2.45)
-ශාන්ත බෙනඩික් විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර සී. ආර්. පිටියේදී (ප.ව. 4.30)
සභාපති කුසලාන තරගාවලිය
-ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර සී. ආර්. පිටියේදී (පෙ.ව. 10.30)
- මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර සී. ආර්. පිටියේදී (ප.ව. 1.30)
ජූනි 30 වැනිදා
අගමැතිි කුසලාන තරගාවලිය
- ලලිත් ඇතුළත්මුදලි විදුහල සහ මහානාම විදුහල අතර සුගතදාස ක‍්‍රීඩාංගණයේදී (ප.ව. 2.45)
- කොළඹ ආනන්ද විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර සුගතදාස ක‍්‍රීඩාංගණයේදී (ප.ව. 4.30)
සභාපති කුසලාන තරගාවලිය
- කොළඹ වේලූවන විදුහල සහ නාවල විදුර විදුහල අතර සුගතදාස ක‍්‍රීඩාංගණයේදී (පෙ.ව. 10.30)
-කේරී විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර සුගතදාස ක‍්‍රීඩාංගණයේදී (ප.ව. 1.30)
‘නෙස්ලේ’ ලංකා සමාගමේ උප සභාපති නෝමන් කන්නංගර මහතා විසින් පාසල් රග්බි සංගමයේ සභපති රංජිත් චන්ද්‍රසේකර මහතාට අනුග‍්‍රහයක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව. නෙස්ලේ සමාගමේ අනුග‍්‍රහක කටයුතු කළමණාකරු සජීව වික‍්‍රමසිංහ (වමේ), පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් සහ භාණ්ඩාගාරික එන්. විජේරාම (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.