Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නොවැම්බර් මස 2 වැනිදා සිට 13 වැනිදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි කරවීම සඳහා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය විසින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තොරාගනු ලැබ තිබේ.
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ 10 දෙනෙක් සහ කී‍්‍රඩිකාවෝ 9 දෙනෙක් ඇතුළත් වෙති.
ඔෂාර පණ්ඩිතරත්න මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස රේණුකා විමලසූරිය මහත්මිය කටයුතු කරන්නීය.
චමීර කුමාරප්පෙරුම මහතා බාලක කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, සුභාෂ් ජානක මහතා බාලිකා කණ්ඩායමේ පුහුණකරු ලෙසත් තරගාවලියට සහභාගි වීමට නියමිතය.
බාලක කණ්ඩායම -
ශාමික හසරංග, කසුන් අමරසේන, පසිඳු පල්ලියගුරුගේ, තෙවින් රාහුබැද්ද, තිළිණ ගෝනපීනුවල, මදුක දුලාංජන, රන්තුෂ්ක සසිඳු, උමිඳු ලියනගේ, සෙව්මින ගුණතිලක සහ එම්. ආර්. එම්. ශාදීර්
බාලිකා කණ්ඩායම -
ඩිල්මි ඩයස්, හසිනි අම්බලන්ගොඩගේ, කවිෂ්කා ගුණරත්න, ඉනුරි කුරුප්පු, අනුරංගි මසකෝරාල, ලසංගනා හෙට්ටිආරච්චි, නයනතාරා ටෙෂානි, බුත්මි ගලගමගේ සහ හසාරා විජේරත්න
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.