Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
තවත් දින කිහිපයකින් ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සහ ලබන ජනවාරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලි සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග අනාවරණය කරයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර මේ වන විට උද්ගතව ඇති දැඩි විරසකය හේතුවෙන්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව, මෙම කණ්ඩායම් ප්‍රකාශයට පත්කරගත නොහැකිව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සිරවී සිටින බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් ක්‍රීඩා ඇමතිවරයා ලෙසින් සිටි රොෂාන් රණසිංහ මහතා තනතුරෙන් පහ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 වැනිදා) පියවර ගැනීම නිසා අලුතෙන් පත්වන ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඒ සඳහා අනුමැතිය ලබාගත හැකිවේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු විශ්වාසයෙන් සිටිති.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය සිනෙත් ජයවර්ධන වෙත පවරා තිබේ. ඔහුගේ උප නායකයා වශයෙන් මල්ෂ තරුපති තෝරාගෙන ඇති බවත් නිල නොවන ආරංචිමාර්ගවලින් දැන ගන්නට ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකු වන සිනෙත් ජයවර්ධන වමත් පිතිකරුවෙකි. ඔහු පසුගියදා පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේත් නායකත්වය දැරීය.
19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය, රටවල් 8 ක සහභාගිත්වයෙන් දෙසැම්බර් 8 සිට 17 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතය.
19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ලබන ජනවාරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් මේ වන විට ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් (පරිපාලන) තහනම හේතුවෙන් එම තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජනවාරි 13 වැනිදා පැවැත්වෙන තරගයෙනි. එහි වත්මන් ශූරතාව හිමිකරගෙන සිටින ඉන්දියානුවන් බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ පළමු තරගයට ක්‍රීඩා කරනු ඇත. තරග 41 කින් සමන්විත මෙම තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තවතම ආකෘතියක් හඳුන්වා දී තිබේ. කණ්ඩායම් 16, පළමු වටයේදී එකකට 4 ක් වන සේ, කාණ්ඩ හතරකට බෙදා තිබේ. දෙවැනි වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 12 කි. එහිදී කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ දෙකක් ඇතුළත් වන අතර පළමු කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට පිවිසෙයි.
සෑම කණ්ඩායමක්ම ජනවාරි 7 සහ 11 අතර පෙරහුරු තරග දෙකකට ක්‍රීඩා කරනු ඇත.
යොවුන් ලෝක කුසලාන පස් වතාවක් ජයගෙන ඇති ඉන්දියාව, යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායමයි.
ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි සඳහා තෝරාගන්නා ලද වයස අවුරුදු 19න් පහළ සංචිතය: (ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට පෙර)
සිනෙත් ජයවර්ධන (නායක), මල්ෂ තරුපති (උප නායක), පුලිඳු පෙරේරා, රූසඳ ගමගේ, රවීෂාන් නෙත්සර, ශාරුජන් ෂන්මුගනාදන්, දිනුර කළුපහන, විශ්ව ළහිරු, ගරුක සංකේත්, විශේන් හැලඹගේ, රුවිෂාන් පෙරේරා, විහස් තෙව්මික, දුවිඳු රණතුංග, හිරුන් කපුරුබණ්ඩාර සහ දිනුක තෙන්නකෝන්
අතිරේක ක්‍රීඩකයෝ: ජනිත් ප්‍රනාන්දු සහ සුපුන් වඩුගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.