Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඳුරට මෙරූන්ස් කී‍්‍රඩකයන්ගේ වතගොත

කඳුරට මෙරූන්ස් කී‍්‍රඩකයන්ගේ වතගොත

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ළහිරු තිරිමාන්න (නායක)

කඳුරට මෙරූන්ස් කණ්ඩායම වමත් පිතිකරුවකු වන ළහිරු තිරිමාන්න විසින් මෙහෙයවනු ලබයි. ආරම්භක පිතිකරුවකු වුවද අංක හත ස්ථානය දක්වා  ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමට මෙන්ම  ඕනෑම ස්ථානයක පන්දු රැකීමටද තිරිමාන්නට හැකියාව ඇත. විස්සයි 20 තරග 38කට ක‍්‍රීඩා කර ලකුණු 568ක් ලබාගෙන ඇති අතර වි:20 ඉනිමක වැඩිම ලකුණු 70ක් වේ.


නුවන් කුලසේකර (උප නායක)

කදුරට මෙරූන්ස් කණ්ඩායමේ උප නායකයා වශයෙන් කටයුතු කරන අතර දකුණතින් මද වේග පන්දු යවන කුලසේකර විස්සයි 20 තරග 58 කට ක‍්‍රීඩාකර කඩුලූ 62 ක් ලබාගෙන ඇත. 2010 දී නවසීලන්තයට එරෙහිව ලකුණු 4 කට කඩුලූ 3 ක් ලබා ගැනීම ඔහුගේ හොදම පන්දු යැවීම වෙයි. වේගයෙන් පන්දුවට පහරදීමටද හැකියාව ඇති, වි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තුන්ඉරියව්වේම දස්කම් පෑ හැකි ක‍්‍රීඩකයෙකි.


උපුල් තරංග

වමතින් පිත්ත හසුරුවන උපුල් තරංග වේගයෙන් ලකුණු රැස්කිරීමටද හැකියාව ඇති දක්ෂ ක‍්‍රීඩකයෙකි. විස්සයි 20 තරගයකදී නොදැවී ලකුණු 83 ක් ලබා උපුල් තරංගගේ ඉනිමක හොදම ලකුණු රැස්කිරීම වෙයි. විස්සයි/20 තරග 42 කට ක‍්‍රීඩා කර ලකුණු 951ක් ලබාගෙන ඇත.


තිළිණ කණ්ඩම්බි

කණ්ඩම්බි වමතින් පිත්ත හසුරුවන ඉදිරි පෙළ පිතිකරුවකු වන අතර දක්ෂ පා දග පන්දු යවන්නකුද වෙයි. මෑතකදී අවසන්වු අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේදී උතුර යෙලෝස් කණ්ඩායමට එරෙහිව පන්දු 54 කදී ලබාගත් ලකුණු 90 ඉනිමක හොදම ලකුණු රැස්කිරීම වෙයි. ලකුණු 21ට කඩුලූ 3ක් ලබා ගැනිම ඔහුගේ හොදම පන්දු යැවීම වෙයි. විස්සයි 20 තරග 48 කට ක‍්‍රීඩාකර ලකුණු 859 ක් ලබාගෙන ඇත.


කුමාර් සංගක්කාර

කඳුරට කණ්ඩායමේ ජේෂ්ඨතම ක‍්‍රීඩකයකු වන සංගක්කාර වමතින් පිත්ත හසුරුවන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලූ රකින්නාද වෙයි. විස්සයි 20 තරග 140 කට ක‍්‍රීඩාකර ඇති සංගක්කාර එහිදි ලකුණු 3544 ක් ලබාගෙන ඇත. ඉනිමක හොදම ලකුණු රැස්කිරීම ලකුණු 94 කි. අයි. පී. එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කළ නමුත් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී කඳුරට පිල නියෝජනය කිරීමට තීරණය කළේ දැවැන්ත මූල්‍ය පාඩුවක්ද අමතක කර දමමිනි.


ශෙහාන් ජයසූරිය

වේගයෙන් පන්දුවට පහරදෙන ආරම්භක පිතිකරුවෙකි. වමත් පිතිකරුවකු වන ශෙහාන් විස්සයි 20 තරග 10 කට ක‍්‍රීඩාකර ලකුණු 84 ක් හා කඩලූ 11ක් දවාගෙන ඇත. හොදම පන්දුයැවීම ලකුණු 7 ට කඩුලූ 3 කි.


චාමර සිල්වා

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙකි. විස්සයි 20 තරග 48 කට ක‍්‍රීඩාකර ලකුණු 864ක් ලබාගෙන ඇත.


මිලින්ද සිරිවර්ධන

වමතින් පන්දුවට පහරදෙන තුන්ඉරියව් ක‍්‍රීඩකයකු වන මිලින්ද සිරිවර්ධන මැදපෙළ පිතිකරුවකුසේ ක‍්‍රීඩාකරයි. විස්සයි 20 තරග 50 කට ක‍්‍රීඩාකර ලකුණු 612 ක් හා කඩලූ 20 ක් දවාගෙන ඇත.


දිල්හාර ලොකුහෙට්ටිගේ

ශ‍්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කර ඇති දකුණතින් වේග පන්දු යවන තුන්ඉරියව් ක‍්‍රීඩකයෙකි. විස්සයි 20 තරග 43 කට ක‍්‍රීඩාකර ලකුණු 425 ක් ලබා කඩලූ 24 ක් දවාගෙන ඇත.


ධම්මික ප‍්‍රසාද්

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති දකුණතින් වේගපන්දු යවන ක‍්‍රීඩකයෙකි. විස්සයි 20 තරග 13 කට ක‍්‍රීඩාකර ලකුණු 48 ක් හා කඩලූ 14 ක් දවාගෙන ඇත. ලකුණු 21ට කඩුලූ 3 ක් ලබා ගැනිම ඔහුගේ හොදම පන්දු යැවීම වෙයි.


අජන්ත මෙන්ඩිස්

දකුණතින් පන්දු යවන අජන්ත විවිධ ආකාරයෙන් වලින් පන්දු යැවීමට දක්ෂතාවක් දක්වයි. අන්තර්ජාතික විස්සයි 20 ඉතිහාසයේ හොදම පන්දු යැවීම වන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 08 ට කඩුලූ 6 ක් ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කියයි. විස්සයි 20 තරග 81 කට ක‍්‍රීඩාකර ලකුණු 66 ක් හා කඩලූ 114 ක් දවාගෙන ඇත.


කෞෂාල් ලොකුආරච්චි

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති දකුණතින් පා දග පන්දු යවන්නකුවන ලොකුආරච්චි, තුන් ඉරියව්වේම දස්කම් දැක්විය හැකි ක‍්‍රීඩකයෙකි. විස්සයි 20 තරග 51 කට ක‍්‍රීඩාකර ලකුණු 511 ක් හා කඩලූ 52 ක් දවාගෙන ඇත.


ළහිරු ජයරත්න

දකුණතින් මද වේග පන්දු යවන තරුණ ක‍්‍රීඩකයෙකි. විස්සයි 20 තරග 14 කට ක‍්‍රීඩාකර කඩුලූ 7ක් දවාගෙන ඇත.


ධනංජය ද සිල්වා

දකුණතින් පන්දුවට පහරදෙන තුන්ඉරියව් ක‍්‍රීඩකයකි.


සුරාජ් රන්දිව්

ශ‍්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කර ඇති, දකුණතින් පිට දග පන්දු යවන්නකු වන රන්දිව්, විස්සයි 20 තරග 38 කට ක‍්‍රීඩාකර ලකුණු 110 ක් හා කඩලූ 36 ක් දවාගෙන ඇත. ලකුණු 08 ට කඩුලූ 3 ක් ලබා ගැනිම ඔහුගේ හොදම පන්දු යැවීම වෙයි.

 

 

- සැකසුම : රොෂාන් ගුණරත්න


අදහස් (1)

කඳුරට මෙරූන්ස් කී‍්‍රඩකයන්ගේ වතගොත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.