Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කපිල ක්‍රිශාන්ත සමුගනී

කපිල ක්‍රිශාන්ත සමුගනී

editorial - 2022 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දශක දෙකකට අධික  කාලයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රීඩා වැඩසටහන් නිශ්පාදකයෙකු ලෙස, ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ට මෙන්ම නිහඬ සේවාවක් ඉටුකළ කපිල ක්‍රිශාන්ත ලියනගේ අද (15 ) උදෑසන අභාවප්‍රාප්ත විය.

1973 පෙබරවාරි  13 වැනිදා උපන් කපිල ලියනගේ , කොළඹ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයයෙක්. අනූව දශකයේ අග භාගයේදී ස්වාධීන රූපවාහිනිය හා එක්වුණු කපිල,වැඩසටහන් නිශ්පාදකවරයෙකු ලෙස විවිධ   ක්ෂේත්‍රයන් ඔස්සේ තම හැකියාවන් රූපවාහිනී තිරය මත පෙන්නුම් කළ අයෙකි.  ක්‍රීඩා තරග සජීව විකාශයේදී තිරය පිටුපස සිටිමින් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ මාධ්‍ය වේදියෙකු ලෙසත් කපිලට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

පාසල් අවදියේ පටන් මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ කපිල, 1989 වසරේ සිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ළමා වැඩසටහන් අංශයේ ළමා ශිල්පියෙකු ලෙස තම හැකියාවන් පෙන්නුම් කළේය. 1993 වසරේදී රූපවාහිනී වැඩසටහන් කරණය  පිළිබඳ "රූපවාහිනී අභ්‍යාස ආයතනයේ" පුහුණුවක් ද ලැබූ කපිල ලියනගේ 1994 වසරේ සිට 1996 වසර දක්වා ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ "රස කතා" වැඩ සටහනේ  නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කළේය.

1996 වසරේ දී MTV ආයතනයෙහි සහකාර ප්‍රවෘත්ති නිෂ්පාදකවරයකු ලෙසින් වෘත්තීය ජීවිතය ආරම්භ කළ කපිල ලියනගේ 1997 දී ස්වාධීන රූපවාහිනිය සමගින් එක්වූයේය.  ඒ ස්වාධීන රූපවාහිනී ක්‍රීඩා අංශයේ සහය නිශ්පාදකවරයෙකු (බාහිර) ලෙසිනි.

දෙස් විදෙස් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක් ආවරණය කර අත්දැකීම් ඇති කපිල, ස්වාධීන රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදනය වෙනුවෙන් 2020 වසරේ සිල්ක් ක්‍රීඩා සම්මානය ද, වසර 2021 දී සබුද්ධි ක්‍රීඩා සාහිත්‍යය සම්මානය දිනා ගත්තේය.

ක්‍රීඩා මාධ්‍යවේදීයෙකු ලෙස  දශක දෙකකට වැඩි කාලයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට සහ ක්‍රීඩාවට සිය හැකියාවන් දායාද කළ කපිල ක්‍රිශාන්තගේ දේහය අද සවස සිට, තලවතුගොඩ, වික්‍රමසිංහපුර, 9 වන පටුමගෙහි අංක 53 නිවසේ තැන්පත්කර තිබේ. අවසන් කටයුතු අගෝස්තු 17 බදාදා සවස 6.00 ට තලවතුගොඩ, වැලිපාර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.


අදහස් (0)

කපිල ක්‍රිශාන්ත සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.