Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික කනිෂ්ට කබඩි කාන්තා හා පිරිමි සංචිත ස්ථාපිත කිරීම සඳහා කැඳවූ තේරීම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් පැමිණ ඇත. ටොරින්ටන්’ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත පිටියේ දී දෙදිනක් පුරා පැවති මෙම තේරීම් තරගාවලිය පැවැත්විණ.
කබඩි තේරීම් තරගාවලියක් සඳහා මෙතෙක් සහභාගි වූ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස මෙය බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.
ලබන සැප්තැම්බර් මාසයේ මලයාසියාවේ දී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ (කාන්තා/පිරිමි) තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් නිර්දේශ කර ගැනීම මෙම ‘ජාතික කනිෂ්ට පුහුණු’ සංචිත හමුවේ සිදු කෙරෙන බව කබඩි සභාපතිවරයා පවසයි.
තෝරාගත් කබඩි කනිෂ්ට පුහුණු සංචිත සඳහා මෙතැන් පටන් සෑම සති අන්ත දින දෙකේ දී ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දීය ජාතික කබඩි විශේෂඥ පුහුණුකරු කේ. බාස්කරන් මහතා යටතේ අඛන්ඩ පුහුණුවීම් වැඩසටහන් ක්‍රියාවට නැගේ.
‘‘විශේෂයෙන්ම දෙවනි පෙළක අඩුව අපිට පසුගිය කාලයේ දී තදින්ම දැණුනා. ඒකට ප්‍රබල හේතුවක් වුණේ ජාතික (ජ්‍යෙෂ්ඨ) කබඩි කාන්තා හා පිරිමි සංචිතවලින් පසුගිය කාලයේ දී හමුදා නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හැර යාමයි. ඒ නිසා ජ්‍යෙෂ්ඨ සංචිතවල අතරමග පුහුණුවීම් කඩා වැටීමකුත් සිදු වුණා.
මේ කාරණය මට දෙවැනි පෙළ සංචිතයක් ආරම්භ කරන්න හිතට තදින්ම කාවැදුණු සිදුවීමක් වුණා. මේ පටන් ගත්ත කනිෂ්ඨ සංචිත අපි දිගටම අරගෙන යනවා’’ යයි ජාතික කනිෂ්ට කබඩි සංචිත ක්‍රියාවට නැගීම ගැන කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසීය.
● කනිෂ්ඨ කාන්තා කබඩි සංචිතය
නවෝද්‍යා හේරත්, වී. ප්‍රියදර්ශනි, එස්.ඒ.ඩී. නවෝද්‍යා, එල්.එස්. ස්වර්ණමාලි, දිනුෂිකා ජයසිංහ, කේ.ඩී.එන්.පී. විමලවර්ධන, ඒ. ගයාත්‍රි, හෂාරා දිසානායක, වී. හර්ෂිකා, එස්. අනුෂා, එන්.එස්. ගීගනගේ, නිරාෂා කලුආරච්චි, සත්සරණී රත්නායක, ෂාමිලා සෆ්නා, නිරංජනි තාරුකා, ප්‍රාර්ථනා බ්‍රහ්මන, යූ.කේ. සඳුනි, සෙව්වන්දි විජේසේකර, එස්. සංජීවනී, කාන්චනා සෙව්වන්දි, බිමාෂා හන්සානි, කෞශල්‍යා සත්සරණි, රේණුකා දර්ශනී, ෂෙසාරා සේනාරත්න
● කනිෂ්ඨ පිරිමි කබඩි සංචිතය
ඒ.ඒ. අෆ්නාන්, කේ.එන්. සන්තුෂ, එස්. මතුෂාන්, පී. අරුල් ප්‍රියාන්, ඒ.ජී.එල්.ඒ.බී. ලක්ෂිත, එම්. රෙනුජාන්, එච්.සී.එස්.සී.බී. හේරත්, යූ.සී.එන්.ආර්.ආර්. ජයතිලක, යූ.ඒ. ඩිල්ෂාන්, එෆ්.එම්. අනාම්, පී. සබේෂ්, එල්. නිවිෂාන්, එන්. අනුජාන්, ආර්. සියාම්, එම්.එස්.එම්. අන්සාෆ්, ඊ.එස්. පියුමන්ත කුමාර, කේ.එන්. මාධව, එම්.එස්.ඩී. සෙනවිරත්න, ඒ.ආර්.ඒ. හවාස්, ඩබ්.ඒ.ඒ.එල්. වික්‍රමආරච්චි, ගීත් ප්‍රබෝධන, එස්. සහජාන්ත්, ටී.එම්.එස්. ජනන්ජය, එම්. මතුරාජන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.