කබීර් අලීට කොරෝනා
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කොළඹ කිංග්ස් පිලේ නව පුහුණුකරු ලෙස පත්කළ එංගලන්ත පිලේ හිටපු ක්‍රීඩකයකු වන කබීර් අලී මහතා ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමඟ ඔහුට එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමට පිටත්ව ඒමට පැය 72 කට පෙර කළ පී.සී.ආර්. පරීක්‍ෂණයේ ප්‍රතිඵලයෙන් කබීර් අලී මහතා ‘කොවිඞ් 19’ ආසාදිතයකු බවට හදුනාගෙන තිබේ.
කොළඹ කිංග්ස් පිලේ පුහුණුකරු ලෙස නම් කර සිටි ඩැව්නෙල් වට්මෝර් මහතා ඉවත්වීමෙන් පසු දින තුනකට පමණ පෙර කබීර් අලී මහතා කොළඹ කිංග්ස් පිලේ පුහුණුකරු ලෙස පත් කරන ලදි.