Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඹ ඇදීමේ ජාතික ශූරතා සියල්ලම යුද හමුදාවට

කඹ ඇදීමේ ජාතික ශූරතා සියල්ලම යුද හමුදාවට

editorial - 2022 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

කඹ ඇදීමේ ජාතික ශූරතාවලියේ කාණ්ඩ හයේම කාන්තා හා පිරිමි ශූරතා යුද හමුදාව විසින් දිනා ගන්නා ලදී. කොළඹ ‘ටොරින්ටන්’ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී මෙම තරගාවලිය පැවැත්වුණි.  

තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 30කින් කණ්ඩායම් සහභාගි  වූහ. 

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජනරාල් ජානක රණසිංහ මහතා ඇතුළු විධායක කමිටුව විසින් තරගාවලිය සංවිධායන කරන ලදි. මෙය 17 වැනි ජාතික තරගාවලියයි. 


අවසන් තරග ප්‍රතිඵල

  • පිරිමි-ජ්‍යෙෂ්ඨ (කිලෝග්‍රෑම් 640 බර පංතිය):-යුද හමුදාව විසින් නාවික හමුදාව පරාජයව කරන ලදී.
  • කාන්තා- ජ්‍යෙෂ්ඨ (කිලෝග්‍රෑම් 640බර පංතිය) යුද හමුදාව විසින් සීදුව  රද්දොළුගම එකමුතු ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
  • වයස 23න් පහළ - පිරිමි (කිලෝග්‍රෑම් 600 බර පංතිය):- යුද හමුදාව විසින් තලංගම අයන් ආර්ටිස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
  • වයස 23න් පහළ කාන්තා (කිලෝග්‍රෑම් 500බර පංතිය)- යුද හමුදාව විසින් රත්නපුරය දිස්ත්‍රික් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
  • බර සීමාවන් නැති- පිරිමි :- යුද හමුදාව විසින් ගනේමුල්ල තුසිත ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
  • බර සීමාවන් නැති - කාන්තා:- යුද හමුදාව විසින් තඹුත්තේගම ‘හාති’ ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.

අදහස් (0)

කඹ ඇදීමේ ජාතික ශූරතා සියල්ලම යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.