Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කයිල් - විරේන් ගෙදර
පැරිස් ඔලිම්පික් - 2024

කයිල් - විරේන් ගෙදර

editorial - 2024 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

මූලික වටයේ තරග සදහා අද (30) සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාටම ප්‍රමාණවත් දස්කම් අතරට පැමිණීමට නොහැකිවීමෙන් ඔවුන්ගේ පැරිස් ඔලිම්පික් සහභාගිත්වය අද අවසන් විය.

ශ්‍රී ලංකා පිහිනුම්  ක්‍රීඩක කයිල් අබේසිංහ ඊයේ මීටර් 100 ( නිදහස් ආර - පිරිමි) ඉසව්වේ  මූලික  වටයට තරග වැදීමේදී හිමි කර ගත්තේ ක්‍රීඩකයන් 79 දෙනා අතරින් 54 වැනි ස්ථානයයි.එහිදී  ඉසව්වේ සිව් වැනි මූලික වටයේ තරගයට  සහභාගිවූ කයිල් එහි  අට වැනි (අවසන්) ස්ථානයට පත් වුයේ  තත්පර 51.42 කටය.

මෙම පිහිනුම්  ඉසව්වේ අවසන් පූර්ව  වටයට ක්‍රීඩකයන් 16 දෙනෙකු  නිර්දේශ  කර ගැනීමේදී  ඒ සදහා  මූලික තරග 10 ක් පැවැත්වුණි.එහිදී ඉසව්වේ මූලික වටයේ සමස්ත ප්‍රතිපලයට  අනුව කයිල් 54 වැනි ස්ථානයට පත්ව තිබුණි. 

24 හැවිරිදි කයිල් අබේසිංහ අද තරග නිමාවෙන් පසුව පැවැසුවේ තමන් අපේක්ෂා  කළ තරම් දස්කම් අතරට පැමිණීමට  නොහැකිවීම පිළිබඳව කණගාටු වන බවයි.

”පුහුණුවීම් කරන කොට මම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වුණා. නමුත් පැරිස් ඔලිම්පික් පිහිනුම්  තටාකයට මම බැස්සට පස්සේ සිදුවුණේ වෙනස් දෙයක්.” කයිල් පැවැසීය.

කයිල් මීට පෙර අවසන් වරට සහභාගි වූ 2024 දෝහා කටාර් ලෝක ශූරතාවලියේදී මෙම ඉසව්වෙන් තත්පර 50.39ක දක්ෂතාවයක් පෙන්වා තිබේ.

කයිල්ගේ පියා වන  පිහිනුම්  උපදේශක  මනෝජ්  අබේසිංහ මහතා පැරිස්  ඔලිම්පික්  සංචාරයේදී කයිල්ගේ මෙන්ම ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්නගේ  පුහුණුකරු ලෙසත් කටයුතු කළේය. ගිය වර ටෝකියෝ (2020) ඔලිම්පික්  උළෙලට කයිල්ගේ සොහොයුරු මැතිව් අබේසිංහ  මේ ආකාරයටම පංගු ක්‍රමය ඔස්සේ නිර්දේශ  ලබා ගත්තේය.කයිල් තරග වැදුණු මෙම ඉසව්වේ අද පැවැති මූලික වටයේ  හොඳම දක්ෂතාවය පළ කර තිබුණේ ඇමරිකානු ක්‍රීඩක ඇලෙක්ෂි ජැක් විසිනි. ඒ තත්පර 47.51 ක දක්ෂතාවයක් දක්වමිණි.

මේ අතර ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ කේවල (පිරිමි) ඉසව්වේ මූලික වටයේ සිය දෙවැනි තරගයට සහභාගිවී ස්පාඤ්ඤ  ක්‍රීඩක පැබ්ලෝ ඒබියන් හමුවේ වට 2 - 0 ක පරාජයක් ලැබීය.

එහිදී පළමු වටය ලකුණු 21/ 09 ක් ලෙස පරාජයට පත්වූණත් දෙවැනි වටයේදී 21/19 ක් ලෙස ඒබියන්ට තියුණු සටනක් දීමට විරේන්  සමත්වීම කැපී පෙණුනි.

39 හැවිරිදි ඔලිම්පික් උළෙල පහක අත්දැකීම් හෙබි ජාත්‍යන්තර  තරග බිමේ ඉහළම අත්දැකීම් පිරිපුණ් මෙම  ස්පාඤ්ඤ  ක්‍රීඩකයා විරේන්ට ජාත්‍යන්තර තරග බිමේ මුණ ගැසුණු දෙවැනි අවස්ථාව මෙයයි.

පැරිස් ඔලිම්පික් සිය සහභාගිත්වය ඒ අනුව අද අවසන් කළ 21 හැවිරිදි    විරේන් එහිදී  පැවැසුවේ පළමු ඔලිම්පික්  සහභාගිත්වයේ ලද අත්දැකීම් තමන්ට තවත් ඔලිම්පික්  උළෙලක නිර්දේශ  ලබා ගැනීමට විශාල පිටුවහළක් කර ගන්නා බවයි.විරේන් සිය පළමු මූලික තරගයේදී ලොව ඒ වන විට ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව හත් වැනි ස්ථානයේ  පසුවූ මැලේසියානු ක්‍රීඩක සී ජී ලීට වට 2/0 කින් පරාජය විය.

පැරිස් ඔලිම්පික් සහභාගිත්වය ඔවුන් අවසන් කිරීමෙන් පසුව ශ්‍රී  ලංකාව එහි මලල ක්‍රීඩා තරගාවලියේ  සහභාගිත්වයට මෙතැන් සිට සූදානමින් සිටියි. ඒ සඳහා මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න, මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ  අ‍ගෝස්තු 02 වැනිදා සිට තරග වැදීමට නියමිතය.


අදහස් (0)

කයිල් - විරේන් ගෙදර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.