Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරාටේ නිලවරණය කමිටුවේ අභිමතයක්

කරාටේ නිලවරණය කමිටුවේ අභිමතයක්

editorial - 2022 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යාංශය නිලවරණය අත්හිටුවන ලෙස ඉල්ලීමක් කර තිබියදී ශ්‍රී ලංකා කරටේ දෝ සම්මේලනයේ නිලවරණය හෙට (24) කැඳවීමට ගෙන තිබෙන තීරණය නිලවරණ කමිටුවේ අභිමතය පරිදි සිදුවන්නක් බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

නාමයෝජනා කීපයකට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විරෝධතාවයක් විභාග කර තීරණයක් ගන්නාතුරු නිලවරණ  කල් දමන ලෙස නිලවරණ කමිටුවෙන් ඉල්ලීමක් කර තිබියදී එය අද පැවැත්වීමෙන් පසුව උද්ගතවිය හැකි තත්ත්වයන්ට ඒ අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට මැදිහත්වීමට සිදුවන බවත් අමල් එදිරිසූරිය මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවැසීය. කරාටේ නිලවරණය මෙහෙයවන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, තොරතුරු දැනගැනීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වත්මන් සභාපති උපාලි අබේරත්න මහතාය.

වාර්තාවන පරිදි කරාටේ දෝ සම්මේලනයේ වත්මන් ප්‍රධානින් තිදෙනෙකු දිගින් දිගටම තනතුරුවල රැඳීසිටීමට විරෝධය පළකරමින් ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශයට අභියාචනයක් මේ වන විට ඉදිරිපත්ව තිබේ.

ඒ පිළිබඳව කරාටේ දෝ සම්මේලනයේ වත්මන් ලේකම් කීර්ති කුමාර බස්නායක මහතා ලංකාදීපයට පැවැසුවේ අභියාචනය විරෝධතාකරුවන් ඉදිරිපත්කර ඇත්තේ නියමිත කාලය ඉකුත්වීමෙන් පසුව බැවින් එය විභාගයට ගැනීම රෙගුලාසිවලට පටහැනි බවයි..

එබැවින් නිලවරණය කල් දැමීමකට සිය පාර්ශ්වය විරුද්ධ බවත් එය නිලවරණ කමිටුව පිළිගත් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.


අදහස් (0)

කරාටේ නිලවරණය කමිටුවේ අභිමතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.