Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තුන් ඉරියව් ක‍්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ශතකයක් සහ කඩුලූ 10 ක් ලබා ගනිමින් පෙන්වු දක්ෂතාවය හේතුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව කඩුලූ 10 ක ජයක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හිමිවිය. තරගය කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) නිමාවිය.
ධර්මරාජ විද්‍යාල කණ්ඩායම අද උදෑසන ඉනිම ආරම්භ කරනවිට ලකුණු 92 ක් පිටුපසින් සිටි අතර පිතිකරුවන් යළිත් අසාර්ථක වීම නිසා ලකුණු 123 කට සියලූ දෙනාම දැවී ගියේය. රමේෂ් මෙන්ඩිස් තරගය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද තම දක්ෂතාවය පෙන්වමින් දෙවන ඉනිමේද කඩුලූ 5 ක් දවා ගත් අතර ඉනිම දෙකකදී ලකුණු 101 කට කඩුලූ 10 ක් දවා ගත්තේය. තිලාන් මදුරංගද ලකුණු 67 කට කඩුලූ 6 ක් දවා ගනිමින් රමේෂ් මෙන්ඩිස්ට අගනා සහයක් ලබා දුන්නේය.
ලකුණු 32 ක පහසු ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක පිතිකරුවන් කිසිවකුත් නොදැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
ධර්මරාජ විදුහල පළමු ඉනිම ඕවර 38 කදී සියලූ දෙනා දැවී 154
(කවිශ්ක දිසානායක 51, ටී. වේරගොඩ 37, කාවින්ද රත්නායක 24, රමේෂ් මෙන්ඩිස් 52/5, සචින් දිවංගන 19/2, තිලාන් මදුරංග 40/2)
ධර්මාශෝක විදුහල පළමු ඉනිම ඕවර 57.2 කදී සියලූ දෙනා දැවී 246
(රමේෂ් මෙන්ඩිස් 124, ඉසුරු චතුරංග 37, පසාන් ප‍්‍රියරංග 22, හසිදු විදර්ශන 21, ජී. සෙනෙවිරත්න 40/5, ඞී. ලංකා 45/3)
ධර්මරාජ විදුහල දෙවන ඉනිම ඕවර 43.1 කදී සියලූ දෙනා දැවී 123
(එස්. රණසිංහ 38, ටී. වේරගොඩ 37, රමේෂ් මෙන්ඩිස් 49/5, තිලාන් මදුරංග 27/4)
ධර්මාශෝක විදුහල පළමු ඉනිම ඕවර 5 කදී කිසිවකු නොදැවී 32
(ඉසුරු චතුරංග නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.