Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කවිඳුගේ පන්දු යැවීම ආනන්ද සාස්ත්‍රාලය දිනවයි

කවිඳුගේ පන්දු යැවීම ආනන්ද සාස්ත්‍රාලය දිනවයි

editorial - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ආනන්ද සාස්ත්‍රාලය සහ හම්බන්තොට දෙබරවැව ජාතික පාසල අතර ආනන්ද සාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 113 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද සාස්ත්‍රාලය සමත් විය.

එහිදී ආනන්ද සාස්ත්‍රාලයේ කවිඳු තීක්ෂණ ලකුණු 71 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර එම විදුහලේම උලිඳු ප්‍රභාෂ්වර (91) සහ නදුර මල්ෂාන් (70) අර්ධ ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූහ.


ආනන්ද සාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 72.5 කදී කඩුලු 7 ක් දැවී 347  
(උලිඳු ප්‍රභාෂ්වර 91, නදුර මල්ෂාන් 70, චතුර කරුණාරත්න 46, චමෝද් රොද්‍රිගූ 31, සී. තීක්ෂණ 28, උෂාන් තෙනුක 50/2)

දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම - ඕවර කදී 37.1 සියලු දෙනා දැවී 116  
(ඉෂාන් අරවින්ද 36, මයුර දිල්ෂාන් 25, කවිඳු තීක්ෂණ 25/5, පසිඳු භාෂණ 19/3, උලිඳු ප්‍රභාෂ්වර 32/2)

දෙබරවැව ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 118  
(එම්.එස්. සංකල්ප 26, කවිඳු තීක්ෂණ 46/5, පසිඳු භාණෂ 38/3)


-036


අදහස් (0)

කවිඳුගේ පන්දු යැවීම ආනන්ද සාස්ත්‍රාලය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.