Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු පිලේ පළමු තරගය ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ට අහිමි වී යන තත්ත්වයක් උදාවී තිබේ. එංගලන්තයට එරෙහිව මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයට පෙර තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කිරීමට මයිකල් ක්ලාක්ට සිදුවී ඇතැයි ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු ඩැරන් ලීමන් මහතා කියයි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කරනු පිණිස, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 64 ක් ලබාගත් මයිකල් ක්ලාක් අපහසුවකින් තොරව කඩුලූ අතර දිවගිය නමුත් එංගලන්තයට එරෙහි තරගයේදී මයිකල්ට කී‍්‍රඩා කළ නොහැකි බව ඩැරන් ලීමන් කියයි.
”ඔහුගේ සුවපත් වීම සම්බන්ධයෙන් අපි සතුටුයි. ඒත් අපි අපේ මූලික සැලැස්මට අනුගත වෙන්න තීරණය කරලා ඉවරයි...ඔහු (මයිකල් ක්ලක්) කී‍්‍රඩා කරන්නේ බංග්ලාදේශය සමග තියෙන තරගයේදී” යයි ඩැරන් ලීමන් මහතා පැවසීය.
”ඔහු පන්දුවට පහර දුන් ආකාරයෙන්, කඩුලූ අතර දිවගිය ආකාරයෙන්, පන්දු රැකි ආකාරයෙන් ඔහුගේ සියලූ සුදුසුකම් පෙන්නුවා. ඒත් ඔහුට තවත් පරීක්‍ෂණ දෙක තුනක් තියෙනවා” යයි ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවා පවසා තිබිණ.
ලෝක කුසලාන කණ්ඩායමේ තවදුරටත් රැුඳී සිටීමට නම් පෙබරවාරි 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කරන්න’යි ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව විසින් මයිකල් ක්ලාක්ට පවසා තිබිණ.
එංගලන්තයට එරෙහිව හෙට (14 වැනිදා) පැවැත්වෙන තරගයේදී උපනායක ජෝර්ජ් බේලි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.
මේ අතර ඕස්ටේ‍්‍රලියානු පිලේ තවත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන ජේම්ස් ෆෝක්නර්ද තුවාල ලබා සිටීම නිසා ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව මේ දිනවල තරමක් කණස්සල්ලෙන් පසුවෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.