Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප‍්‍රිකානු කඩුලූ රකින ක‍්‍රීඩක ක්වින්ටන් ඩි‘කොක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. සෙන්චූරියන් හිදි ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 113 කින් පරාජය විමත් සමගින් තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්විය.
සිය පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඇති අවශ්‍යතාවය මත ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත වීමට තවත් කාළය තිබියදීත් කලින් විශ‍්‍රාම ගැනීමට හේතුව ලෙස ඩි‘කොක් පවසා ඇත. ඔහු සහ ඔහුගේ බිරිඳ සාෂා ඉදිරි දිනවලදී ඔවුන්ගේ කුලූඳුල් දරු උපත අපේක්ෂා කරති.
විසි නව හැවිරිදි ඩි‘කොක් 2014 දී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් පිටියට පිවිසියේය. ටෙස්ට් තරග 54 කදී ශතක 6 ක් සහ අර්ධ ශතක 22 ක් සමගින් ලකුණු 3300 ක් රැස්කරගෙන ඇති ඩි‘කොක්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 38.82 කි. කඩුලූ රකින්නකු ලෙස උඩපන්දු 221 ක් සහ ස්ටම්ප්ස් කිරීම් 11 ක් ඇතුළුව දැවීයාම් 232 කට ඔහු දායකවී ඇත.
”මේක මම ලේසියෙන් ගත්ත තීරණයක් නෙවෙයි. සාෂා සහ මම අපේ පළමු දරුවා මේ ලෝකයට පිළිගෙන ඉන් ඔබ්බට අපේ පවුල ගොඩනඟා ගැනීමට බලා සිටිනවා.”
”මගේ අනාගතය සහ මගේ ජීවිතයේ ප‍්‍රමුඛත්වය ගත යුතු දේ ගැන සිතන්නට මම බොහෝ කාලයක් ගත කළා. මගේ පවුල මට සෑම දෙයක්ම වෙනවා. අපගේ ජීවිතයේ මෙම නව සහ උද්යෝගිමත් කාල පරිච්ඡේදය තුළ ඔවුන් සමඟ සිටීමට මට කාලය ලබා ගැනීමට අවශ්‍යයි’’ යැයි ක්වින්ටන් ඩි‘කොක්ගේ නිවේදනයේ සඳහන් විය.
”ජීවිතයේ දී, ඔබට කාලය හැර සෑම දෙයක්ම පාහේ මිලදී ගන්න පුලූවන්. දැන්, මට වඩාත්ම අවශ්‍ය මට ආදරය කරන අයත් සමඟ කාලය ගත කිරීමටයි”
”ආරම්භයේ සිටම මගේ ටෙස්ට් ක‍්‍රිකට් ගමනේ කොටස්කරුවන් වූ සැමට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මගේ පුහුණුකරුවන්ට, කණ්ඩායම් සගයන්ට, විවිධ කළමනාකාරීත්ව කණ්ඩායම්වලට සහ මගේ පවුලේ අයට සහ මිතුරන්ට... ඔබේ සහයෝගය නොමැතිව මට මෙසේ පෙනී සිටිය නොහැක”
”මෙය මගේ වෘත්තීය ජීවිතයේ අවසානය නොවේ. මම සිමිත ඕවර ක‍්‍රිකට් තරග සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා. අනාගතයේදී මගේ රට වෙනුවෙන් මම උපරිමයෙන් ක‍්‍රීඩා කරනවා”
”ඉන්දියාවට එරෙහි මෙම ටෙස්ට් තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා මගේ සගයන්ට සුභ පැතුම් එක් කරනවා... එක්දින සහ විස්සයි20 තරඟ වලින් හමුවෙමු...” යයි ද ක්වින්ටින් ඩි‘කොක් සිය නිවේදනයේ සටහන් කර තිබිණ.
”ක්වින්ටන් වැනි දක්ෂතා ඇති ක‍්‍රීඩකයෙකු ඔහුගේ තරුණ ජීවිතයේදීම ටේස්ට් ක‍්‍රිකට් ස`දහා අහිමි වීම කණගාටුවට කරුණක්. නමුත් ඔහු පවසන පරිදි අප සියල්ලන්ටම පවුල යනු අපේ සියල්ලයි. ඔහු පසුගිය වසර හත තුළ අප කණ්ඩායමේ විශ්වාසවන්ත සහ ආඩම්බර ක‍්‍රීඩකයකු වූ අතර අපට ඔහුව ක‍්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම අහිමි නොකිරීම ගැන අපි සතුටු වෙනවා’’ යැයි ඩි‘කොක්ට සුභ පතමින් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනයේ වැඩ බලන විධායක නිලධාරී ෆොලෙස්ති මොසෙකි මහතා පැවසීය.
”නායකයෙකු ලෙස කණ්ඩායමට ඔහු ලබාදුන් දායකත්වය අපි අගය කරන අතර ගත වූ වසර කිහිපය තුළ ඔහු කණ්ඩායමට ලබා දුන් කාලය සහ ශක්තිය පිළිබඳව අපි කෘතඥ වෙනවා’’
”ඔවුන්ගේ කුඩා දැරියගේ උපතට පෙර ඔහුට සහ සාෂාට සියලූ සුභ පැතුම් පිරිනැමීමට අපි කැමති. අපගේ ක‍්‍රිකට් පවුලට තවත් සාමාජිකයෙකු ලැබීම ගැන අපි සතුටු වෙනවා. සීමිත ඕවර තරග වලදී ඔහුගේ හොඳම දක්ෂතා දැකීමට අපි බලා සිටිනවා.” යයිද දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.