Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය පිළිබඳව රජය සහ ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත්විය යුතු බව ක්‍රිකට් නිලවරණයෙන් පරාජයට පත්වූ ‘රණතුංග’ පාර්ශවයේ නියෝජිතයෝ පැවසූහ.
සභාපති ධූරයට තරග කළ ජයන්ත ධර්මදාස මහතා මෙසේ පැවසීය.
“මම පරාදයි. මම හිතන්නේ ක්‍රිකටුත් පරාදයි. මෙහෙමනන් ලංකාවේ ක්‍රිකට් යන්නේ අනාග.ය ‘අනිච්චා වත සංඛාරා’ තමයි”
“ගොඩක් දේවල් වෙනස් කරන්න තියෙනවා. වෙනස් කළහොත් ලංකාවේ ක්‍රිකට් හරියයි. වැටිලා තිබුණ තත්ත්වෙන් ගොඩගන්නනේ අපි හැදුවේ. කවුද වැට්ටුවේ”
“බලධාරීන් මේක හොයන්න ඕනේ. යටින් මොනවා හරි වෙලා තියෙනවා. ඒක හොයන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් වැටුණේ කාගෙන්ද? මුදල් නාස්ති වුණේ කාගෙන්ද කියලා කිව්වා. ඩොලර් පිට රට ගියේ කාගෙන්ද කියලා කිව්වා. එහෙම වෙලත් මෙහෙම වෙනවා නම් මොනවා කරන්නද?”
“ඒ දෙන්නෙක් ඉන්න පුළුවන් තැන මතිවානන් ආවා. මම හිතන්නේ නෑ මතිවානන්ට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා”
උප සභාපති ධූරයට තරග කළ ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක සහ වර්තමාන ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවසුවේ තමන් මෙවර තෙවැනි වරටත් පරාජයට පත්වූ බවයි.
“ක්‍රිකට් අන්ත නරක තත්ත්වයකට වැටිලා. තරග පාවාදීම් ගැන තියෙනවා. අපිට එන සල්ලි පිට රටවල්වලට ගිහින් තියෙනවා. එවැනි පුද්ගලයන්ට නිලවරණවලදී ඡන්දය දෙන පුද්ගලයො රටේ ක්‍රිකට්වලට ආදරේ අය ද කියලා මහජනතාව තීරණය කරන්න”
“අපි ආවේ මාස අටකින් ක්‍රිකට් හදලා දෙන්න. මෙන්න තත්ත්වය. මහජනතාව එය බලාගන්න ඕනේ”
“තාම ක්‍රිකට් බිම ඇනිලා නෑ. හිතන්න එපා බිම ඇනිලයි කියලා. ආණ්ඩුවක් හැටියට ක්‍රීඩා නීතිය වෙනස් කරලා මේවට කටයුතු කරන්න ඕනේ” යැයි අර්ජුන මහතා වැඩි දුරටත් පැවසීය.
ලේකම් ධූරයට තරග කළ නිශාන්ත රණතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මෙච්චර පහළට වැටිලා තිබියදීත් මූල්‍ය පරිපාන විනය නැති වෙලා තිබියදීත් ඡන්දයෙන් හිටපු කණ්ඩායම පත්කිරීමට සාමාජිකයන් ගත්තු තීරණය පිළිබඳව මම කණගාටු වෙනවා”
“රටේ ජනතාවට අපි කියන්නේ අපි එළියේ සිට හෝ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තත්ත්වයකට ගේන්න කටයුතු කරනවා. හොඳ දේවල් කළොත් සහයෝගය දෙනවා. වැරදි කළොත් ඒ පිළිබඳව අපේ මතය ඉදිරිපත් කරනවා”
ඡායාරූපය - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.