Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් - රග්බි පරිපාලන අර්බුදකාරීයි

ක්‍රිකට් - රග්බි පරිපාලන අර්බුදකාරීයි

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ සහ රග්බි පරිපාලනයේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව නව ක්‍රීඩා ඇමති තේනුක විදානගමගේ මහතා පවසයි. සිය අමාත්‍යංශයේ වැඩ බාරගැනීමෙන් පසුව  ඇමතිවරයා එසේ කීවේය.

“රටේ ක්‍රිකට් පරිපාලනයේ වගේම මේ වෙන කොට රටේ රග්බි පරිපාලනයේත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.  මේවාට විසඳුම් දෙන්න මා ඉක්මන් විය යුතු නෑ. මොකද මම ඇමැති ධුරයේ වාඩිවුණා විතරයි.“

“සියලු කාරණා පළමුව නිරීක්ෂණය කළ යුතුයි. දැනට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉතිරි වෙලා තිබෙන අරමුදල් නිසි පාලනයක් යටතට අරන් රටේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු කරන්න මා ඊයේ කළා වගේ හෙටත් බලාපොරොත්තු වෙනවා.’’ යයිද නව ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.

 


අදහස් (0)

ක්‍රිකට් - රග්බි පරිපාලන අර්බුදකාරීයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.