Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කරයි

ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කරයි

editorial - 2022 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත්කිරීමට ඊයේ (15 වැනිදා) රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභාව තීරණය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව සහ පවතින ක්‍රීඩා නීතිය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීම මෙම නිලවරණ කමිටුවට බාර වනු ඇත.

විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියකු වන සුනිල් සිරිසේන මහතා මෙම නිලවරණ කමිටුවට පත්කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වසර 2023 මැයි මස 20 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබේ.

 


අදහස් (0)

ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.