Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් මූලස්ථානය යළි අරී

ක්‍රිකට් මූලස්ථානය යළි අරී

editorial - 2021 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඊයේ (10 වැනිදා) රාත්‍රී 11.00 සිට තාවකාලිකව වසා දැමුවද, අවම සේවකයින් සංඛ්‍යාවක් සමඟ නැවතත් අද සිට ක්‍රියාත්මක වන පරිදි වැඩකටයුතු ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

සේවකයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසුව සහ රටේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් බැහැරව සේවයේ යුත් සේවකයෝ තම තමන්ගේ රාජකාරීයේ අවශ්‍යතාව මත නිතිපතා රාජකාරී වැඩ සඳහා සහභාගී වෙති.

කෙසේ වෙතත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක පුනරුත්ථාපන සහ ශරීර සුවතා වැඩසටහන් ක්‍රියාත්මක වේ. ආරාධිත විස්සයි20 ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් දැනට පල්ලෙකැලේ සිටින බැවින් කණ්ඩායම් වශයෙන් පුහුණු වැඩසටහන් කිසිවක් සිදු නොවේ.

ආරාධිත විස්සයි20 ලීග් තරගාවලිය හෙට (12 වැනිදා) ආරම්භ වීමට නියමිතය.

- 2079

 


අදහස් (0)

ක්‍රිකට් මූලස්ථානය යළි අරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.