Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිස් කෙයාන්ස්ගේ තත්ත්වය බරපතළයි

ක්‍රිස් කෙයාන්ස්ගේ තත්ත්වය බරපතළයි

editorial - 2021 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්ත පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් මහතා මේ වනවිට සිඩ්නි නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ තත්වය බරපතල නමුත් ඔහු ස්ථාවර තත්වයේ පසුවන බව සිඩ්නි හි ශාන්ත වින්සන්ට් රෝහලේ ප්‍රකාශකයෙකු ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

මේ වනවිට 51 හැවිරිදි වියෙහි පසුවන කේයාන්ස් මහතා හෘදයාබාධයකින් පසු ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර ඇති නමුත් බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිකාර සඳහා ඔහු ප්‍රතිචාර නොදැක්වූ බවත් මේ වන විට ඔහු ජීවිතාධාරක යන්ත්‍රයක සහාය ලබමින් සිටින බවත් වාර්තාවේ.

ක්‍රිස් සිය ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටි අතර, එය තමන්ගේ පවුලට “අසීරු, කලබලකාරී හා කරදරකාරී” තත්වයක් බව ඔහුගේ බිරිඳ මෙලනි මාධ්‍ය වෙත කෙටි ප්‍රකාශයක් කරමින් කියා සිටියාය. ක්‍රිස් කෙයාන්ස් කැන්බරාහිදී දැඩි සෞඛ්‍ය පිරිහීමකට ලක්වූ බවත්, එතැන් සිට ඕස්ටේ‍රලියාවේ අගනුවරවූ කැන්බරා සහ සිඩ්නි හිදී හෘද සැත්කම් කිහිපයකට භාජනය කළ බවත් ඇය පැවසුවාය.

කෙයාන්ස්ගේ හදිසි තත්වය දැන ගැනීමත් සමගින් ඔහුගේ ක්‍රිකට් සහෘදයන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් මහතා පැවසයි.

“ක්‍රිස් බොහෝ සෙයින් ආදරය කරන ස්වාමිපුරුෂයෙක්, පියෙක් සහ පුත්‍රයෙක්. ඔහු අපේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුට සම්පූර්ණ සුවය ලබා ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.” යැයි වයිට් මහතා පැවසීය.

කේයාන්ස්ගේ මව සූ කැන්බරා හි සිටින නමුත් ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පවතින කොවිඩ් -19 සංචාරක තහනම හේතුවෙන් ඔහු සිටින සිඩ්නි රෝහල් ඇඳ අසලට යාමට ඇයට නොහැකිවී ඇත.


- 2079

 


අදහස් (1)

ක්‍රිස් කෙයාන්ස්ගේ තත්ත්වය බරපතළයි
  • aja Thursday, 12 August 2021 05:29 PM

    ඉක්මණින් හොඳ වෙන්න..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.