Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිස් කෙයාර්න්ස් ජීවිතාධාරක යන්ත්‍රයේ

ක්‍රිස් කෙයාර්න්ස් ජීවිතාධාරක යන්ත්‍රයේ

editorial - 2021 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නවසීලන්තයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් කෙයාන්ස් මහතා අයහපත් සෞඛ්‍ය තත්වය මත ඕස්ට්‍රේලියාවේ කැන්බරා රෝහලට ඇතුළත් කර තිබේ. මේ වනවිට 51 හැවිරිදි වියෙහි පසුවන කේයාන්ස් මහතා හෘදයාබාධයකින් පසු ශල්‍යකර්ම කිහිපයකට භාජනය වී ඇති නමුත් බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිකාර සඳහා ඔහු ප්‍රතිචාර නොදැක්වූ බව ‘නිව්ස් හබ්’ වෙබ් අඩවිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ වන විට ඔහු ජීවිතාධාරක යන්ත්‍රයක සහාය ලබමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කේයාන්ස්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන බවත් ඔහුගේ තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙකු පැවසීය.

කෙයාන්ස් මහතා රූපවාහිනි විස්සර විචාරකයකු වීමට පෙර 1989 සිට 2006 දක්වා කාලය තුල නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 62 ක්, එක්දින ජාත්‍යන්තර තරග 215 ක් සහ විස්සයි 20 තරග දෙකක් ක්‍රීඩා කර ඇත. ඔහුගේ යුගයේදී, විශේෂයෙන් එක්දින තරගවලදී හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළේය.

ක්‍රිස් කෙයාර්න්ස්ගේ පියා වන ලාන්ස් කෙයාන්ස් මහතා ද නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

2008 දී ආරම්භවී ඉන් පසුව අභාවයට ගිය ඉන්දීය ක්‍රිකට් ලීගයේදී චන්දිගාර් ලයන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කෙයාන්ස් මහතා එහිදී තරග පාවාදීමේ චෝදනාවකට ලක්විය. ඔහු සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ නම පිරිසිදු කර ගැනීම සඳහා නීතිමය සටන් කිහිපයක්ම කළේය.

- 2079

 


අදහස් (0)

ක්‍රිස් කෙයාර්න්ස් ජීවිතාධාරක යන්ත්‍රයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.