Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයන් 3 කට කොරෝනා

ක්‍රීඩකයන් 3 කට කොරෝනා

editorial - 2021 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සංචිතගතව සිටින ක්‍රීඩකයන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදිතව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ඇතුළත් වන සංචිතයේ සෙසු ක්‍රීඩකයන් මේ වන විටත් මහනුවරට ළඟා වී ඇති බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ දක්‍ෂතම සීමිත ඕවර ක්‍රීඩකයන් 60 දෙනකු රෙඩ්ස්, බ්ලූස්, ග්‍රීන්ස් සහ ග්‍රේස් යනුවෙන් කණ්ඩායම් 4 කට බෙදා මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ සියලුම තරග පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිත අතර තරගාවලිය මේ මස 24 වැනිදා දක්වා පැවැත්වේ.

 

- 213


අදහස් (0)

ක්‍රීඩකයන් 3 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.