Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
එංගලන්තයේ සිට ඊයේ (6 වැනිදා) පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ 21 දෙනාම සංචාර කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළහ. මෙම කොන්ත්‍රාත්තුව ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා බලපැවැත්වෙන්නකි.
මෙම ක්‍රීඩකයන් 21 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයෝ 9 දෙනක් ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය සඳහා ලයිස්තුගත කර සිටිති. එහෙත් ඔවුන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස් පමණක් මෙම ගිවිසුම අත්සන් කර නැත. “නැවත දන්වන තුරු ජාතික වගකීම් වලින් නිදහස් කරන්න”යි ඉල්ලා සිටිමින් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් එවා තිබේ.
මෙම ගිවිසුම අත්සන් කිරීමේ කඩයිම් වේලාව වශයෙන් ඊයේ (6 වැනිදා) රාත්‍රී 8.00 බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබිණ. නියමිත වේලාවට පෙර ගිවිසුමට අත්සන් නොකරන්නේ නම් ක්‍රීඩකයන්ට “වෙනතක් බලාගැනීමට සිදුවේවි” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනතුරු අඟවා තිබිණ.
දැනගන්න ඇති පරිදි, නියමිත වේලාව ඉක්මවූ නමුත් සියලුම ක්‍රීඩකයන් ඊට අත්සන් තබා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම මෑතකදී එක්වූ ක්‍රීඩකයන් වන චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ඉෂාන් ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ධනංජය ලක්ෂාන්, චරිත් අසලංක සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ හත්දෙනා පළමුව සංචාර ගිවිසුම අත්සන් කළහ. පසුව අනෙක් ක්‍රීඩකයනුත් පැමිණ ගිවිසුම අත්සන් කර තිබේ.
ඒ අනුව ඉන්දීය පිලට එරෙහිව තරග කිරීමට සූදානම් කර තිබෙන සංචිත වල සිටින සියලුම ක්‍රීඩකයෝ මේ වන විට අදාළ ගිවිසුම අත්සන් කර සිටිති. අනෙක් ක්‍රීඩකයෝ දේශීය කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කර සිටිති.
ඒ අනුව ඕනෑම මොහොතකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටින ක්‍රීඩකයෝ 61 දෙනෙක් මේ වන විට ගිවිසුම් වලට අත්සන් තබා සිටිති.
වාර්ෂික කොන්ත්‍රාත්තුව සහ සංචාර කොන්ත්‍රාත්තුව යනු ලියවිලි දෙකකි. දේශීය කොන්ත්‍රාත්තුව තවත් එකක්. සංචාර කොන්ත්‍රාත්තුව අදාළ වන්නේ නියමිත තරගාවලියට නැතහොත් සංචාරයට පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම් සම්බන්ධයෙන් ඇතිවූ විරසකය කොතෙක් දුරදිග ගියේද යත් එංගලන්ත සංචාරයට පෙර ‘සංචාර කොන්ත්‍රාත්තුව’ අත්සන් කිරීමත් ක්‍රීඩකයෝ ප්‍රතික්ෂේප කළහ. අනතුරුව ඔවුන් එංගලන්ත සංචාරයට ගියේ ‘සංචාරය ප්‍රකාශ කිරීමේ ලියවිල්ලක්’ අත්සන් කරමිනි.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිහිප දෙනෙක් වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමටත් එකඟ වී සිටින බවත් දැනගන්නට ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියට කල්දමා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වන විට එල්බගෙන සිටින මූලික ඉලක්කය වන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහි සීමිත ඕවර තරගාවලිය සාර්ථකව අවසන් කරගැනීමයි. එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේ සවස කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ අතර ඔව්හු සියලු දෙනාම එක එල්ලේම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයට කැඳවාගෙන එන ලදි. එහිදී දින 8 ක නිරෝධායන කාලයක් ගතකිීරීමට තිබෙන නමුත් දින 3 කට පසුව පුහුණුවීම් කිරීම සඳහා ක්‍රීඩකයන්ට අවසර තිබේ. 13 වැනිදා පැවැත්වෙන එක්දින තරගයට වුවද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුනට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.