Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිස්ව පැවැති ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ක්‍රීඩා විද්‍යාව පිළිබඳ දර්ශනවේ දී ආචාර්ය උපාධියක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයාද වන ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ අවස්ථාවේදී එහි පරිපාලන මූලස්ථානයේ ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්ධුරය ද දැරීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ මෙන්ම ජාතික ක්‍රීඩා සංගම් රැසක තනතුරු දරා ඇති ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකි.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර පෙරේදා (17 දා) ධුරයේ වැඩ බාරගත්තේය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.