Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යාංශයේ කඩදාසි ලිපිගොනුවලින් කෙරෙන රාජකාරි ක්‍රමවේදය ඉදිරියේදී අවසන් කරන බවත් ඒ වෙනුවට ඩිජිටල් තාක්ෂණය ක්‍රීඩා අමාත්‍යාංශයට හඳුන්වා දෙන බවත් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ද වන ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 2022 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු අරඹමින් නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යාංශ කාර්ය මණ්ඩල අමතමින් මෙසේ ද පැවසීය.
“එහි පළමු පියවර ක්‍රීඩා අමාත්‍යාංශයේ කඩදාසි භාවිතය 50%කින් අවම කිරීමයි.
ලිපිගොනු මේස උඩ තියාගෙන ඔළුවට අත ගහගෙන වැඩ කරන ක්‍රමය අපේ අමාත්‍යාංශයෙන් ඉදිරියේ දී තුරන් කරනවා. ඒ සඳහා නව රෙගුලාසි හඳුන්වා දෙන්නත් කටයුතු කරනවා.“
“අපේ අමාත්‍යාංශයේ දැන් පවතින ක්‍රමවේදයට අනුව වැඩක් කර ගැනීමේ දී එකම ලිපිගොනුව ස්ථාන හතරක දී පරීක්ෂා කර ගත යුතු වෙනවා. නූතන තරුණ තරුණියන් තවදුරටත් මේ ක්‍රමවේදයට කැමති වෙනවාද කියන එක ප්‍රශ්නයක්“
“මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ දී මෙම කටයුත්තට අපි මුල පුරනවා...“ යයිද ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.