Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අමාත්‍යංශයට කියන්නත් පුළුවන්

ක්‍රීඩා අමාත්‍යංශයට කියන්නත් පුළුවන්

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් එම ඒකකයට යොමු කරන පැමිණිලි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද බාරදිය හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම ඒකකය ජනතාවට වඩාත් සමීප කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉකුත්දා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

එහි අරමුණ තරග පාවාදීමේ හා තහනම් උත්තේජක භාවිත කිරීම්වලින් තොර රටක් බවට මෙරට පත් කිරීම බව ක්‍රීඩා ඇමැතිවරයා පවසයි.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ පුළුල් බලතල සහිතව ක්‍රියාත්මක ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධාන කාර්යාලය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධානියා වන්නේ අපරාධ විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තියක් උසලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාය.

මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් පසුව මෙරටින් ක්‍රිකට් කේෂ්ත්‍රයේ වාර්තා වූ තරග පාවාදීමේ ඇතුළු ආන්දෝලානාත්මක සිදුවීම් කීපයක්ම විමර්ශනය කර නීතිපතිවරයාට වාර්තා ලබාදීමට ඔහු කටයුතු කළේය.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ දැක්වෙන වැරදි ඇප දිය නොහැකි වැරදි ලෙස දක්වා තිබේ.  මහේස්ත්‍රාත් අධිකරණයේදී එවැනි චෝදනාවකට වැරදිකරුවන් වන අයට රුපියල් ලක්ෂ දෙකකට වැඩි නොවන දඩයකට හෝ  අවුරුදු තුනක කාලයකට බන්ධනාගාර ගත කළ හැකිය. එහෙත් ඉහළ අධිකරණයේ වැරදිකරුවන් වන අය උපරිම රුපියල් මිලියන 100 ක දඩයක්ට හෝ වසර 10 ක සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකටම එකවර යටත් කළ හැකිය.

 සාවද්‍ය පැමිණිලි ඉදිරිපත්කර සනාථ වුවහොත් ඒ සඳහා ද දඬුවම් පනතේ සඳහන් කර තිබේ. එය ලක්ෂයක් නොඉක්මවන දඩයක් හෝ තුන් අවුරුදු සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම එකවර පැනවිය හැකිය.

- 223


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශයට කියන්නත් පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.