Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අරමුදල තරකර ගැනීමට ජාතික සංගම් 66 ක සහයෝගය

ක්‍රීඩා අරමුදල තරකර ගැනීමට ජාතික සංගම් 66 ක සහයෝගය

editorial - 2023 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හිස්ව පවතින ජාතික ක්‍රීඩා අරමුදල රුපියල් බිලියනයක් දක්වා වැඩිකර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය දරන උත්සාහයට රටේ ස්ථාපිත ජාතික ක්‍රීඩා සංගම් 66ම සහයෝගය ලබාදිය යුතු බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා කොළඹදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම අරමුදල තර කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් හෙට සිට (27-28-29 දිනවල) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙරට හා ඉන්දීය ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබෙන සංගීත ප්‍රසංග මාලාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ලාල් චන්ද්‍රසිරි, ක්‍රීඩා අමාත්‍යාංශයේ සුබ සාධක සංගමයේ සභාපති ධම්මික දසනායක හා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ප්‍රදීප් මාපොලගමගේ යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

එහිදී ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

‘‘මෙම සංගීත ප්‍රසංග මාලාවෙන් ලැබෙන ආදායම ජාතික ක්‍රීඩා අරමුදලට බැර කර රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනයට යොදා ගන්න ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා බලාපොරාත්තු වෙනවා.’’

ඒ සඳහා මෙම සංගීත ප්‍රසංගවල ප්‍රවේශපත්‍ර කොටසක් අලෙවි කර දෙන ලෙස අපි රටේ ජාතික ක්‍රීඩා සංගම් 66න්ම ඉල්ලීමක් කළා. ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන බව අපට විශ්වාසයි.

මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට ජාතික ක්‍රීඩා අරමුදලේ රැඳී පවතින්නේ රුපියල් මිලියන 10කටත් අඩු මුදලක් පමණක් බවයි.

අපි මෙතනදී ජාතික ක්‍රීඩා සංගම් වෙතින් ඉල්ලා ඇත්තේ සහයෝගයක් පමණයි. 

ඔවුන්ට කිසිදු බලපෑමක් කරන්න ක්‍රීඩා ඇමතිවරයා හෝ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අදහසක් නෑ. බොහෝ ජාතික ක්‍රීඩා සංගම් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබීම සතුටට කරුණක්’’ යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

අද පස්වරු 6.30ට පැවැත්වෙන සංගීත ප්‍රසංගය සඳහා ජනප්‍රිය ගායක ගායිකාවන් වන රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර හා රසිනි චාරුකා ඇතුළු ශිල්පීන් පිරිසක් සහභාගි වෙති.

ඒ අතර අනිද්දා (28) පස්වරු 6.30ට ලෝක නිවුන් දරුවන්ගේ සංගමය සංවිධානය කරන නිවුන් රූ රැජිනියන් දෙපොළ හා නිවුන් කඩවසම් තරුණයන් දෙපොළ තෝරා ගැනෙන අවසන් මහ තරගද සංගීත ප්‍රසංගයට සමගාමීව පැවැත්වේ.

මෙම සංගීත ප්‍රසංග මාලාව අවසන් කරමින් 29 වැනිදා පස්වරු 6.30ට දකුණු ඉන්දීය ජනප්‍රියතම ගායන හා කලා ශිල්පීන් වන ශංකර් මහදේවන්, ස්ටෙෆාන් දේවාසි, ප්‍රියංකා දේස්පාන්ඩේ, මනාසි, බාරත්, හරිප්‍රිය ආදීන් සහභාගි වන සංගීත ප්‍රසංගය සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.


අදහස් (0)

ක්‍රීඩා අරමුදල තරකර ගැනීමට ජාතික සංගම් 66 ක සහයෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.