Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ආයතන හතරක මණ්ඩල අහෝසියි

ක්‍රීඩා ආයතන හතරක මණ්ඩල අහෝසියි

editorial - 2024 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා  අමාත්‍යාංශයට නතු ආයතනය හතරක නිලධාරී  මණ්ඩල මේ  වන විට අහෝසිවී තිබේ.

ජාතික ක්‍රීඩා සභාව, ජාතික ක්‍රීඩා  තේරීම් කමිටුව, සුගතදාස ක්‍රීඩා  සංකීර්ණ අධිකාරිය හා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනය යන ආයතන සදහා පත් කර තිබූ නිලධාරී මණ්ඩල මෙසේ අහෝසිවී ඇත්තේ  ඔවුන්ගේ සේවා දිගුවක් මෙතෙක්  ප්‍රකාශ නොවීමය.

මෙම මණ්ඩල සදහා පත් කිරීම් ක්‍රීඩා ඇමැතිවරයා විසින් සිදු කරන අතර ඔහුගේ ඉවත්ව යාමත් සමග ඒවා අහෝසිවී යයි.කෙසේවූවත්  ඊළගට අලුතින් පත් වන ක්‍රීඩා ඇමැතිවරයාට ඒ සදහා අළුත් පත් කිරීම් හෝ පැවැති නිලධාරී මණ්ඩල සදහා සේවා දිගු ලබාදිය හැකිය.

කෙසේවූවත්  හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය අගෝස්තු 9 වැනිදා ක්‍රීඩා ඇමැති ධූරයෙන් ඉවත්ව යන විට එතෙක් කර තිබූ එකී මණ්ඩල පත් කිරීම් ඉදිරියට  බලාත්මක කිරීමට එයින් පසුව ක්‍රීඩා  ඇමැති ධූරයේ විෂයන් පවරා ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

පැවැති     පසුගිය අගහරුවාදා (24) දිවුරුම්  දුන් අගමැතිනී ආචාර්ය හරිනී ප්‍රනාන්දු මෙනෙවියට ක්‍රීඩා අමාත්‍යාංශයේ  විෂයන්ද පවරා තිබෙන අතර කෙසේවූවත් ඉහත ආයතන හතර සදහා පත්වීම් ලබා සිටි නිලධාරී මණ්ඩල සදහා  ඇය  වෙතින්

සේවා දිගුවක් ප්‍රකාශ  නොවීමෙන් හා අළුත් නිලධාරීන් පත් නොකිරීමෙන්  මෙම  තත්වය උද්ගතවී තිබේ.

ජාතික  ක්‍රීඩා  සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතාත් ජාතික ක්‍රීඩා  තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත්, සුගතදාස  ක්‍රීඩා  සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයා ලෙස උදාර රත්නායක මහතාත් ශ්‍රී ලංකා තහනම් උත්තේජක  මර්දන නියෝජ්‍යාතනයේ  සභාපති වරයා ලෙස  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාත්  මෙතෙක්  කටයුතු කළහ.

කෙසේවූවත්  මහාචාර්ය  අර්ජුන ද සිල්වා මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා  අස්වූ බව ප්‍රකාශ කළේ පසුගිය  සැප්තැම්බර් 18 වැනිදාය. ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සංයුතිය 15 ක් විය.

සුගතදාස  ජාතික  ක්‍රීඩා  සංකීර්ණ අධිකාරියේ  එම සංයුතිය 11 කි. මෙම  මණ්ඩල කීපයකට සාමාජිකයන් ලෙස නිල බලයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ  ලේකම්වරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා පත්ව සිටියහ.


අදහස් (0)

ක්‍රීඩා ආයතන හතරක මණ්ඩල අහෝසියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.