Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමති ඔලිම්පික් කමිටුව හමුවෙයි

ක්‍රීඩා ඇමති ඔලිම්පික් කමිටුව හමුවෙයි

editorial - 2023 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයින්  හා ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  අතර සාකච්ඡාවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා ජාතික  ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා පසුගිය කාලය තුළ  සිදුකළ  වැඩ කටයුතු පිළිබදවත් මේවන විට සිදු කරමින් පවතින හා  ඉදිරියේ දී  සිදු කිරීමට  බලාපොරොත්තුවන වැඩ සටහන් පිළිබඳවත් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. 

ක්‍රීඩා අමාත්‍යංශය  සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව මඟින්ද ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති කටයුතු පිළිබඳවද එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයින් සමඟ සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේෂන්, ක්‍රීඩා අධ්‍යක්ෂක ආර්. බී. වික්‍රමසිංහ,  ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, උප සභාපති කන්චන ජයරත්න, උප සභාපති සුරංජිත් ප්‍රේමදාස, භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ සහ කමිටු සාමාජික රිෆ්ඩි ෆාමි යන මහත්වරු එක්ව සිටියහ.

- 213 


අදහස් (0)

ක්‍රීඩා ඇමති ඔලිම්පික් කමිටුව හමුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.