Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විශ්‍රාමලත් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙන එම ත්‍රිපුද්ගල කමිටුවට සහය සඳහා නීතිඥවරුන් දෙදෙනකුගේ සේවය ලබා ගැනීමටත් ඊයේ (8) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේ දී වැඩිදුරටත් තීරණය කර තිබේ.
ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා පෙරේදා පැවැති එම සාකච්ඡාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා, විස්සයි-20 ලෝක ශූරතා ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කළ මහින්ද හලංගොඩ, එහි නිත්‍ය පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.
කෙසේ වුවත් මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවට විශේෂයෙන්ම ආරාධනා කර තිබුණත් ඒ සඳහා සහභාගිවී ඇත්තේ එහි උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පමණි.
ඊට හේතුවී ඇත්තේ ක්‍රිකට් විධායක සභාවේ නිලධාරින් බහුතරයක් විස්සයි-20 ලෝක ශූරතා තරගාවලියේ ඉතිරිය අවසන් වනතුරු තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බැවිනි. එහි විධායක සභාවේ හා සෙසු නිලධාරින් 18 දෙනකු මෙම තරග සංචාරයට පිටත්ව ගොස් සිටි බව වාර්තා විය.
එහිදී අර්ජුන රණතුංග මහතා යෝජනාකර ඇත්තේ ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි.
කමිටුව නිර්දේශ කිරීමේ දී එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය නොකරන නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ලබා ගැනීමටත් එහිදී අර්ජුන රණතුංග මහතා කළ යෝජනාවට ක්‍රීඩා ඇමැතිවරයාගේ එකඟතාව ලැබී තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේ ත්‍රී පුද්ගල ස්වාධීන කමිටුව සඳහා නිර්දේශ කෙරෙන නාමයෝජනා ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි.
ඕස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා මේ වනවිට එරට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද විමර්ශනයක් සඳහා මේ වනවිට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර තිබේ. අදාළ චෝදනාවට තමන් නිවැරැදිකරු යයි කියමින් ධනුෂ්ක ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපවීමෙන් පසුව ඔහු ලබන ජනවාරි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කෙසේ වුවත් ඔහු වෙනුවෙන් ඉදිරි දින කීපය තුළ දී අළුතින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ප්‍රකාශ කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.