Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා අමාත්‍යාංශයේ දුක්ගන්නාරාල හෙවත් ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කටයුතු කළ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රේෂ්ත්‍රයේ නිලධාරීන්ගෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි හා විරෝධතා විමර්ෂණය කර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අලුතින් ඇති කළ එම ධූරයට චූලානන්ද පෙරේරා මහතා පත් කිරීම නිවේදනය වූයේ පසුගිය මැයි 16 වැනිදාය.
පසුගිය ජනාධිපතිවරණයට පෙර ප්‍රසිද්ධ නොකරමින් ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන චූලානන්ද පෙරේරා මහතා, අමාත්‍යාංශ රැසක ලේකම් හා අතිරේක ලේකම් ධූර රැසක් දැරූ එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක ඉහළන ධූර දරූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ (විශ්‍රාමික) ශ්රේණිධාරීයෙකි.
හරීන් ප්‍රනාන්දු හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉහත පත් කිරීම සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත්කළ බවයි. චූලානන්ද පෙරේරා මහතාගේ පත් කිරීම සඳහන් අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වුණේ ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයාගේ රාජකාරී අතර ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියට පත් වන ඕනෑම තැනැත්තකු සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමයි.
එහිදී ලැබෙන පැමිණිලි දින 14ක කාලයක් ඇතුළත අපක්ෂපාතී සමාලෝචනයකින් පසුව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා හරහා ක්‍රීඩා ඇමැතිවරයාට සිය නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.
චූලානන්ද මහතා කොන්දේසි කීපයක්ම ඉදිරිපත් කරමින් දුක්ගන්නාරාල ධූරය බාර ගැනීමෙන් පසුව ලැබුණු පැමිණිලි කීපයක් විභාගයට ගත් බවද වාර්තාවේ.
දුක්ගන්නාරාලගේ සේවය ලබා ගැනීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශය කළ පැහැදිලි කිරීම්වලදී ඔහු සම්බන්ධයෙන් සිය සාමාජිකයන්ට හා ක්‍රීඩකයන්ට වාර්ෂිකව දැනුවත් කිරීම් කළ යුතුව තිබුණි.
චූලානන්ද පෙරේරා මහතා රාජකාරී කළ කාර්යාලය ස්ථාපිත කර තිබුණේද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බැභැර ස්ථානයක බවද වැඩි දුරටත් වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.