Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති ධූරය විදුලිපුර විදුලි ධාවකයාට

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති ධූරය විදුලිපුර විදුලි ධාවකයාට

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නව රජයේ ක්‍රීඩා  නියෝජ්‍ය  ඇමැති ධූරය හිටපු ඔලිම්පික් මැදි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතාට හිමිව තිබේ. ඊයේ (21)  පස්වරුවේ ජනාධිපති  ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහත අතින් පත්වීම් ලබා ගත් නියෝජ්‍ය  ඇමැතිවරුන් ගණන  29 කි.

මෙරට කීර්තිමත්ම හිටපු මලල ක්‍රීඩකයෙකු  වන සුගත් තිලකරත්න මහතා 2015 - 16 දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයද දරා තිබේ.

මේ වන විට 51 හැවිරිදි වියේ පසුවන තිලකරත්න මහතා  නෝටන් බ්‍රිජ් විදුලිපුර උපන් අයෙකු වන අතර ඒ නිසාම  අනූව දශකයේදී මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් ඔහු පළ කළ සුපිරි දක්ෂතා හමුවේ ඔහු විදුලිපුර විදුලි ධාවකයා යන අන්වර්ථ නාමයෙන් හැදින්වීය.

අනූව දශකයද ඉක්මවා යමින් ඔහු පළ කළ දක්ෂතා හමුවේ අදටත්  පිළිගැනීම වන්නේ එදා මෙදා තුර මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් මෙරටින් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයා සුගත් තිලකරත්න වන බවයි. ඒ  හමුවේ ඔහු ආසියාවේද එකළ  නම් දැරූ ධාවන ශූරයෙකු ලෙස ප්‍රචලිත විය.

1998 දී පුකෝකා නුවරදී  ආසියානු  ශූරතා  තරගාවලියට සභභාගි වෙමින් මීටර් 400 (පිරිම්) ඉසව්වේ රන් පදක්කම තත්පර 44.61 කට ඔහු දිනා ගත්තේ නව ආසියානු වාර්තාවක් පිහිටුවමිණි.එය අදටත් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ලෙස නොනැසී පවතී.

සුගත් තිලකරත්න විසින්  දශකයකටත් අධික කාලයක් පුරා තරග බිමේ පසුවෙමින් දිනා ඇති  ප්‍රධානතම  ජාත්‍යන්තර  පදක්කම් අතර ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක්, ආසියානු  ශූරතා රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් පහක්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ලෝකඩ පදක්කම් එකක් දකුණු ආසියානු ක්‍රීඩා රන් පදක්කම් හයක් හා රිදී පදක්කමක් හා පෘතුගීසි යටත් විජිත (ලූසෆෝනියා) රිදී පදක්කමක්ද වෙති.

ඒ අතර ඔහු විසින් දිනා ගත් ජාත්‍යන්තර සහය දිවීමේ පදක්කම්ද ගණනාවකි.1996 ඇට්ලන්ටා හා 2000 සිඩ්නි යන ඔලිම්පික් උළෙල  දෙකකට තරග වැදීමට නිර්දේශ ලබා ගත්  සුගත් එදා ජාත්‍යන්තර  වශයෙන් ඉහළම අවධානයක් දිනා ගත් සිදුවීමක් වූයේ  1996 ඇට්ලන්ටා ඔලිම්පික්  උළෙලේ මීටර් 400 මූලික වටයේ තරගයකදී ඔලිම්පික් රන් පදක්කම්ලාභී ලෝක පූජිත ඇමරිකානු ක්‍රීඩක  මයිකල්   ජොන්සන් පරාජය කිරීමයි.

සුගත් තිලකරත්න  මහතා අද පෙරවරු 10.00 ට වැඩ බාරගැනීමට නියමිත අතර ඔහු එක් දරු (දියණියකගේ) පියෙකි.


අදහස් (0)

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති ධූරය විදුලිපුර විදුලි ධාවකයාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.