Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පාර්ලිමේන්තුවේ සම්මත 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතට අනුව ස්ථාපිත කළ ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ කටයුතු අත්හිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට වගකියන මෙම පොලිස් ඒකකය 2020 පෙබරවාරි 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කෙරුණි. පාර්ලිමේන්තුවේ සම්මත 2019 අංක 24 දරන පනතට අනුව පුළුල් බලතල පැවරී තිබෙන මෙම පොලිස් ඒකකය මේ දක්වා ක්‍රීඩා වැරදි හා තරග පාවාදීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 55ක් විමර්ශනය කර තිබේ.
ඉන් විමර්ශන අවසන් කළ පැමිණිලි 15කට ආසන්න ගණනක් නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා යොමුකර තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ලැබුණු පැමිණිලි පහක් විමර්ශනය කිරීමටත් එම ඒකකය මේ වන විට කටයුතු කර තිබේ.
එවකට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 11 වැනිදා විවෘත කළ ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ. සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළුව පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 13 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් එහි ක්‍රියාත්මකව සිටිති.
2020 පෙබරවාරි 11 වැනිදා මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ පළමු වසර තුනක් ක්‍රියාත්මක වන පරිදිය. ඒ අනුව ලබන පෙබරවාරි 23 වැනිදා වන විට මෙම ඒකකයේ කාර්ය මණ්ඩලයට සේවා දිගුවක් නොලැබෙන්නේ නම් එය අහෝසි වනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය අහෝසි කර දැමීමේ උත්සාහයට ප්‍රධානතම කාරණාව වී ඇතැයි පැවසෙන්නේ එහි මෙතෙක් කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රසාදයක් නොවීමය. විමර්ශනවලින් ලබා දුන් ප්‍රතිඵල ගැන එහිදී ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධානීන් ප්‍රශ්න කර ඇත.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයේ ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය.
‘‘ඔය චෝදනාව අපට අදාළ වෙන්නේ නෑ. අපට කටයුතු කරන්න වෙලා තිබෙන්නේ රටේ නීතියට අනුවයි. ඒ නිසා විමර්ශන ඉදිරියට ගෙනියන්න අපි හැම වෙලාවෙම නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්න කටයුතු කරනවා. ඒ අනුව විමර්ශන වාර්තා ගණනාවක් අපි මේ වන විටත් නීතිපතිවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා. පැමිණිලි ලැබුණු පලියට අපිට කටයුතු කරන්න බෑ. එහෙම නොකළොත් අගතියට පත් විය හැකි සමහරු අපට මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරන්නත් පුළුවන්.
අපි සංගමයෙන් වැඩ කළ නිසා පසුගිය කාලයේ ජනතාවට ලැබුණු ව්‍යාජ පැමිණිලි කීපයක්ම හෙළිකර ගන්නත් සමත් වුණා. පාර්ලිමේන්තුවේ සම්මත මේ පනතට අනුව ඔහොම බොරු පැමිණිලි ඉදිරිපත් කරන අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න අපේ ඒකකයට බලතල ලැබිලා තිබෙනවා. අනෙක් කාරණය පාර්ලිමේන්තුවේ සම්මත පනතින් අනුමත ඒකකයක් මේ ආකාරයෙන් අහෝසි කළ හැකිද යන්නත් බලවත් ගැටලුවක්.
මේ අතර ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයේ කටයුතු අත්හිටුවීමට කර තිබෙන මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් මෑතකදී එහි ප්‍රවෘත්ති හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ මෙම ඒකකයේ කටයුතු අත්හිටුවීමට ඉදිරිපත්ව තිබෙන යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා මෙම ඒකකයේ ප්‍රධානියා ලෙස එය ආරම්භයේ සිට කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.