Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා සමාජයකට කෝටි 3 ක්

ක්‍රීඩා සමාජයකට කෝටි 3 ක්

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ ක්‍රීඩා තරඟාවලි සඳහා එක්වන ක්‍රීඩා සමාජ වෙත ලබා දෙන වාර්ෂික තරඟාවලි දීමනාව මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එක් ක්‍රීඩා සමාජයක් සඳහා තවත් රුපියල් මිලියන 2.5 කින් වැඩි කර ඇත. පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු රැස්වීමේදී ඒ සඳහා අවසර ලැබී තිබේ.

මෙම වැඩිවීමත් සමඟින් සෑම ක්‍රීඩා සමාජයකටම වාර්ෂිකව රුපියල් මිලියන 27.5 ක හෙවත් කෝටි 3 කට ආසන්න දීමනාවක් හිමිවනු ඇත.

රටේ වත්මන් ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම දීමනා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසර තුළ ප්‍රධාන ක්‍රීඩා සමාජ සඳහා තරගාවලි දීමනා වශයෙන් රුපියල් මිලියන 715 ක මුළු මුදලක් හෙවත් කෝටි 70 කට වැඩි මුදලක් ගෙවීමට නියමිතය.

- 2079


අදහස් (0)

ක්‍රීඩා සමාජයකට කෝටි 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.